Local News
August 17, 2022
287 views 0 secs 0

බොරතෙල් තොගයක් දිවයිනට…

දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අතර තවත් බොරතෙල් නෞකාවක් ලබන 29 වැනි දා මෙරටට ළඟාවන අතර එහි බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.

Local News
August 17, 2022
280 views 0 secs 0

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට…

එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. දුම්රිය එන්ජින් ඇණිය එන්ජින් 74 කින් සමන්විත වුව ද පවතින තත්ත්වය හමුවේ එය 54 […]

Local News, Uncategorized
August 16, 2022
276 views 0 secs 0

හිටපු ජනපතිගේ එතෙර වියදම් රජයේ මුදලින් නොවේ…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඇමතිතුමා මේ බව සඳහන් කර සිටියේ.

Local News
August 16, 2022
289 views 0 secs 0

හදිසි නීතිය නැවත දීර්ඝ කරන්නේ නැහැ – ජනපති

රටේ තත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් මෙම සතියේ අවසන් වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
August 16, 2022
275 views 0 secs 0

ගෑස් තොගයක් හම්බන්තොටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3120k රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇති අතර අදාළ ගෑස් තොගය මේ වන විට පර්යන්තය වෙත ගොඩබාමින් පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කර සිටියා. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව කඩිනමින් වෙළඳපොළට නිකුත් කරන බව එම සමාගම තවදුරටත් සඳහන් කර සිටියා.

Local News
August 15, 2022
272 views 0 secs 0

නව ඉන්දුනීසියානු තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමතිය…

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් මෙම අනුමැතිය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

Local News
August 15, 2022
268 views 0 secs 0

ධානිෂ් අලීට ඇප….

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

Local News
August 15, 2022
268 views 0 secs 0

ඉන්ධන මිල සංශෝධනය අද…

සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටි අතර ඒ අනුව පසුගිය 1 වනදා සිදු කළ මිල සංශෝධනය අනුව ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගෙන තිබුණා.

Local News
August 15, 2022
274 views 6 secs 0

හෙට සිට විදුලි කප්පාදුව දිර්ඝ වේ.

හෙට (16) සිට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීම හේතුවෙන් එය ආපසු ගෙවීමට ආසන්න වශයෙන් දින 14ත් 16ත් අතර කාලයක් ගතවන බැවින් මෙය සිදු වූ බව එහි සඳහන් වේ. ඒ අනුව හෙට සිට පහත පරිදි පැය 3ක විදුලි කප්පාදුවක් සිඩු කරන […]

Local News
August 15, 2022
271 views 0 secs 0

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිටියි.

බූස්ස ප්‍රදේශයේදී “රුහුණු කුමාරි” දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.