Local News
August 21, 2022
162 views 0 secs 0

නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන පෞද්ගලික බස්රථ වලට වැඩ වරදී…

දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා […]

Local News
August 20, 2022
184 views 0 secs 0

අද රාත්‍රීයේ කොළඹ ජල කප්පාදුවක් ..

අද (20) රාත්‍රී 11.00 සිට හෙට (21) පෙරවරු 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරේ .

Local News
August 20, 2022
174 views 0 secs 0

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රඳවා තබා ගැනීමේ නියෝග සමගි ජන බලවේගය හෙළා දකී

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට රජය දරන උත්සාහය සමගි ජන බලවේගය හෙළා දකී.නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ සාමකාමී විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවයි. භාෂණයේ නිදහසට ඉඩ දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස ද පෙන්වා දුන් […]

Local News
August 20, 2022
189 views 0 secs 0

බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශ කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මෙසේය. සුදු බිත්තර රුපියල් 43 යි දුඹුරු බිත්තර රුපියල් 45 යි

Local News
August 20, 2022
182 views 0 secs 0

CID ගිය හිරුණිකා…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියා. එම අවස්ථාවේදී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සියලු රාජපක්ෂ වරුන්ට වඩා සියලු ජනාධිපතිවරුන්ට වඩා ඒකාධිපති ම පාලකයා රනිල් රාජපක්ෂ බව ඇයමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියා.

Local News
August 20, 2022
177 views 0 secs 0

IMF කාර්ය මණ්ඩල සාමාජිකයින් යළි මෙරටට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(ඓMF) කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ මස 24 ත් 31 ක් අතර දිනවලදී යළි දිවයිනට සැලසුම් කර තිබේ. ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් එම සාමාජිකයින් මෙරටට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියා. මීට පෙරද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දිවයිනට පැමිණ මෙරට […]

Local News
August 20, 2022
186 views 0 secs 0

ඊයේ වව්නියාවේ හදිසි වැටලීමකදී 4 දෙනෙක් අත්අඩංගුවට

ඊයේ දහවල් කාලයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද පොලිස් හදිසි වැටලීමකදී ලැගුම් හලක් තුල සැක සහිත ලෙස රැදී සිටි සැකකරුවන් දෙදෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ඉන් එක් සැකකරුවකු ළග තිබී ටී 56 සජිවී පතරොම් 30 ක් හා යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුමක් සොයාගෙන ඇත. අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා 850g ක් සොයාගෙන […]

Local News
August 20, 2022
177 views 0 secs 0

අදත් පැය 3 ක විදුලි කප්පාදුවක්

අද (20) දිවයිනටම විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

Local News
August 19, 2022
170 views 0 secs 0

බිත්තර මිල පහළට

සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

Local News
August 18, 2022
186 views 1 sec 0

උ පෙළ විභාග අයදුම්පත් කැදවීම දිර්ඝ කරයි.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 26 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා විසින් නිවේදනය කරන ලදී.මෙම දීර්ඝ කිරීම ප්‍රධාන වශයෙන් 2021 G. C. E. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා වේ.