Local News
August 24, 2022
309 views 0 secs 0

ගම්පහ ප්‍රදේශයේ වෙඩි තැබිමක්

ගම්පහ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගම්පහ බටපොත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ.මියගොස් ඇත්තේ 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Local News
August 24, 2022
289 views 0 secs 0

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා ඩෑන් ප්‍රියසාද්ගේ ජංගම දුරකථන CID යට

අද (24) දින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට සහ  ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද බවයි සඳහන් වන්නේ. ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම […]

Local News
August 23, 2022
302 views 0 secs 0

භාණ්ඩ 300කට අධික ප්‍රමාණයකට ආනයනික සීමා..

අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. චොක්ලට් සහ කොකෝවා අඩංගු අනෙකුත් ආහාර සැකසීම් සහ සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ එමෙන්ම පිරිමි සහ කාන්තා ඇඳුම් කට්ටල, යට කලිසම්, අත් ඔරලෝසු, […]

Local News
August 22, 2022
330 views 0 secs 0

ජුලි මාසයේ උද්ධමනය 66.7% ක් වේ.

2022 වර්ශයේ ජුලි මාසයේදී 66.7% ක් දක්වා උද්ධමනය ඉහළගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ උද්ධමනය ඉහළ ගොස් තිබෙන්නේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන් බවයි. ඒ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී සියයට 82.5% ක් දක්වා ඉහළ ගොස් […]

Local News
August 22, 2022
315 views 0 secs 0

නැවත විවෘත වන විශ්ව විද්‍යාල….

සැප්තැම්බර් මාසය තුළ සියලු විශ්වවිද්‍යාල විවෘත කිරීමට පියවර ගෙන ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා. මෙහිදී සිසුන්ට online සහ ශාලා දේශන ලෙස දේශනවලට සහභාගී වීමට අවස්⁣ථාව හිමි වේ.

Local News
August 22, 2022
309 views 0 secs 0

බිත්තර වැඩි මිලට විකුණන්නන් වැටලීම අරඹයි…

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන ව්‍යාපාරිකයින් සොයා අද(22)සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ ය. තොග සන්තකයේ තබාගෙන වෙළෙඳපොළට නිකුත් නොකරන ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන රාජසන්තක කිරීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Local News
August 22, 2022
303 views 1 sec 0

‍Yuan Wang-5 චීනය බලා පිටත් වීමට නියමිතයි..

දිවයිනට පැමිණි Yuan Wang-5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) පස්වරු 4.00 ට යළි චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.

Local News
August 22, 2022
321 views 0 secs 0

වැඩ කරන්න බැරි නම් අයින් වෙලා යන්න – ජනපති

අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවයි.වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.ජනපති වැඩිදුරටත් සඳහන් කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ […]

Local News
August 22, 2022
326 views 0 secs 0

රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස මානව හිමිකම් නියෝජිතවරියගෙන් ඉල්ලීමක්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව පවසනවා. එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් ඨ්විට්ටෙර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා […]

Local News
August 21, 2022
296 views 0 secs 0

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ පරීක්ෂණ කටයුතු CIDයට..

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මොවුන් පිළිබඳ විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කළ යුතු නිසාවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල අනුව රැඳවුම් නියෝග ලබාගැනීමට මේ […]