උ පෙළ විභාග අයදුම්පත් කැදවීම දිර්ඝ කරයි.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 26 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා විසින් නිවේදනය කරන ලදී.මෙම දීර්ඝ කිරීම ප්‍රධාන වශයෙන් 2021 G. C. E. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා වේ.
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව් දෙනෙකු අද (18) පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව මුදලිගේ අත්අඩංගුවට හා ඔහුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නීතිවිරෝධී ලෙස විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර; බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 […]
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නිවේදනයක්
රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන තුනක් ජනපති නම් කරයි
රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව […]
මේ සතියේ සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි ඇරඹේ
අද (17) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් හමුවීමෙන් පසු Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ බොරතෙල් අඛන්ඩව සැපයීමේ කටයුතු ආරම්භයත් සමඟ මෙම සතියේ සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මෙහිදී සැප්තැම්බර් මස සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ බොරතෙල් ගෙන්වීමේ සැලසුම් පිලිබඳවද සාකච්ඡා කර […]
