Local News
August 26, 2022
302 views 0 secs 0

රන්ජන්ට මනූශගෙන් නව පත්වීමක්…

ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින්ගේ සුභසාධනය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙක් ලෙස රන්ජන් රාමනායකට පත්වීමක් පිරිනමන බව අමාත්‍යවරයා විසින් රන්ජන් රාමනායක වෙත යැවූ ලිපියක දැක්වෙනවා. අදාළ ලිපිය පහතින්.

Local News
August 26, 2022
302 views 0 secs 0

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්…

මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක්, රන්ජන් රාමනායක මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන් තබා තිබේ. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Local News
August 26, 2022
337 views 0 secs 0

පොලිසියේ ඉහල තනතුරු වලට පත් වූ කාන්තා නියෝජනයන්..

ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය හා කමිටු ලේකම් ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් කර තිබේ.

Local News
August 25, 2022
342 views 1 sec 0

රංජන් රාමනායක හෙට හෝ සඳුදා නිදහස් වෙනවා – හරීන් ප්‍රනාන්දු

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව ප්‍රකාශ කර සිටියා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. අදාළ Twitter පණිවිඩය පහතින්,

Local News
August 25, 2022
302 views 0 secs 0

සේනාධි ගුරුගේ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවටගත් සැකකරු අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

Local News
August 25, 2022
291 views 0 secs 0

රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම අද සිට ඇරඹේ…

අද (25) සිට රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වනවිට තැපැල් භාණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන […]

Local News
August 25, 2022
806 views 1 sec 0

ජනපති අතට භාර දුන් සමරිසි අයිතීන් වෙනුවෙන් ගෙනා සංශෝධනය…

ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. LGBT Q + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් බවත් මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ […]

Health, Local News
August 24, 2022
298 views 0 secs 0

කොවිඩ් වාර්තාව..

අද (24) දින තුළ මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් ‍රෝගීන් සංඛ්‍යාව 105 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

Local News
August 24, 2022
323 views 0 secs 0

සේනාධි ගුරුගේ අත්අඩංගුවට….

ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ, ගාලු මුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Local News
August 24, 2022
307 views 0 secs 0

පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි අත්අඩංගුවට…

පසුගිය ජූලි 09 වනදා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලැබ සිටි පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබුන අතර එම ප්‍රකාශයෙන් අනතුරුව උන්වහන්සේව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.