Local News
September 02, 2022
223 views 0 secs 0

ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි. ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.

Local News
September 01, 2022
228 views 0 secs 0

ඉන්ධන පිරවුම්හලක අනතුරක්..

අද (1)මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල් ගතකර තිබෙනවා. ජීප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයක් හා ස්කූටර් යතුරුපැදියකට බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා […]

Local News
September 01, 2022
228 views 0 secs 0

දුමින්දට ජනපති සමාව ලබා දීමට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවතට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් පෞද්ගලික හේතුවක් මත ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද (1) ප්‍රකාශකර සිටියා.

Local News
September 01, 2022
251 views 1 sec 0

අද ඉන්ධන මිල සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ – බලශක්ති ඇමති

අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

Local News
September 01, 2022
228 views 0 secs 0

දුම්වැටි මිල ඉහලට…

දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. වැට් බද්ද ඉහළ යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5,10,15 යන අගයන්ගෙන් ඉහල දැමීමට තීරණය කර ඇති බවයි එම සමාගම සඳහන් කර සිටියේ.

Local News
September 01, 2022
233 views 0 secs 0

නාය යෑම අනතුරු ඇගවීම තවදුරටත් දීර්ඝ කෙරේ…

පවතින වැසි කාළගුණය හේතුවෙන් දිවයිනේ කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සඳහා පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර සිටියා.

Local News
September 01, 2022
253 views 0 secs 0

IMF වෙතින් ලංකාවට ඇ.ඩො 2.9ක ණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්‍ය මණ්ඩල එකගතාවයක් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමටයි. ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව බැංකුව මෙම එකගතාවයට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි අතර මෙම මුදල් මාස 48ක කාල සීමාවක් සඳහා ලබා […]

Local News
September 01, 2022
248 views 0 secs 0

අද සිට ක්‍රියාත්මක ජල ගාස්තු සංශෝධනය….

ජල ගාස්තු 70% කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක‌ වන අතරනව සංශෝධනය යටතේ සාමාන්‍ය නිවසක ජල ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුව ද ඉහළ යනු ඇති. ජල ඒකකයක් ලෙස සැලකෙන්නේ ලීටර් 1000 කි. පැවති මිල ක්‍රමය අනුව ජල ඒකක 15 ක් පරිහරණය කරන සාමාන්‍ය නිවසක ජල බිල රුපියල් 310 ක් වූ අතර නව සංශෝධිත මිල […]

Local News
August 31, 2022
244 views 1 sec 0

සති අන්තයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට සැප්තැම්බර් 3 (සෙනසුරාදා) පෙරවරු 8.00 සිට 2022 සැප්තැම්බර් 4 (ඉරිදා) අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා […]

Local News
August 31, 2022
330 views 0 secs 0

අගෝස්තු මාසයේදී උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ අගෝස්තු මාසයේදී සමස්ත උද්ධමන අනුපාතය 64.3% ක් බවයි. දෙපාර්තමේන්තුවට අනුව, 2022 අගෝස්තු මාසයේදී සමස්ත උද්ධමන අනුපාතය 64.3% ක් වූ අතර 2022 ජූලි මාසය සඳහා ගණනය කරන ලද උද්ධමනය 60.8% කි.ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ජූලි මාසයේ 90.9% සිට 2022 අගෝස්තු මාසයේදී 93.7% දක්වා ඉහළ ගිය අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික […]