19 වන දා රජයේ විශේෂ නිවාඩු දිනයක්..
ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ […]
රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප
රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් 500,000/- බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණා. රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනි බදාදා දින දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘නිහඬ හෝරාව’ යන තේමාව යටතේ විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.නීතිවිරෝධී රැස්වීම්, නීති විරෝධී ලෙස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීම සහ වෙනත් […]
ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව අංග දෙකක් එක් කරයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව පෙන්වා දී තිබේ.වාහන නොවන ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව ඇත.එමෙන්ම ගනුදෙනුව අවසන් වූ විට පිරවුම් ස්ථාන කේත අංකය […]
දුම්රිය දෙපාර්තමේන්තුව ආසන වෙන් කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති දින 14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැප්තැම්බර් 13 වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.මේ සම්බන්ධ වන නිවේදනය පහතින්,
ළහිරු වීරසේකර අත්අඩංගුවට…
අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
