Local News
September 03, 2022
215 views 0 secs 0

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම සහ සෞඛ්‍යය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

සැප්තැම්බර් 3 වැනි දින විදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන සහ සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නිකුත් කර ඇති ගැසට් මගින් විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය ලෙස ප්‍රකාශයට පත් කර […]

Local News
September 03, 2022
209 views 0 secs 0

ගෝඨාභය රාජපක්ෂට හිටපු ජනපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද
හිමිවේ.

හිටපු ජනාධිපතිවරයෙකුට ලබා දෙන හිමිකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි. ජනාධිපතිවරයාගේ හිමිකම් පනතේ සඳහන් ප්‍රතිලාභ ඔහුට ලැබෙනු ඇත.ඊයේ (02) රාත්‍රී‍යේ ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණි අතර ඔහු කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි නිවසට පසුව පැමිණ තිබුණා.

Local News
September 03, 2022
219 views 0 secs 0

පාන් ගෙඩියක මිල රු. 300 ක් දක්වා ඉහළට..

පාන් ගෙඩියක මිල රුපියල් 300/-කට අලෙවි කරන බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිඟු පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙවැනි පියවර ගැනීමට සිදු වූ බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.මිල සංශෝධනය සම්බන්ධයෙන් දිවයින පුරා සිටින සියලුම බේකරි හිමියන්ට උපදෙස් ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. තිරිඟු පිටි තොග වෙළෙඳපොළේ මිල […]

Local News
September 02, 2022
201 views 0 secs 0

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කෙරේ.

ඊයේ දිනයේදී වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.එම සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය පහතින්,

Local News
September 02, 2022
180 views 0 secs 0

රත්මලානේදී පියා ඝාතනය කළ පුතා අත්අඩංගුවට

ඊයේ (01) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී තම පියා ඝාතනය කර මවට යකඩ පොල්ලකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරු සිය දෙමාපියන්ට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.වසර දෙකක පමණ කාලයක සිට ඇඳට වැටී සිටි පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ මව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර […]

Local News
September 02, 2022
199 views 0 secs 0

ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් අඩු කෙරේ.

ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි. ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.

Local News
September 01, 2022
203 views 0 secs 0

ඉන්ධන පිරවුම්හලක අනතුරක්..

අද (1)මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල් ගතකර තිබෙනවා. ජීප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයක් හා ස්කූටර් යතුරුපැදියකට බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා […]

Local News
September 01, 2022
197 views 0 secs 0

දුමින්දට ජනපති සමාව ලබා දීමට එරෙහි පෙත්සමෙන් විනිසුරුවරයෙක් ඉවතට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් පෞද්ගලික හේතුවක් මත ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද (1) ප්‍රකාශකර සිටියා.

Local News
September 01, 2022
221 views 1 sec 0

අද ඉන්ධන මිල සංශෝධනයක් සිදු වෙන්නේ නැහැ – බලශක්ති ඇමති

අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.