Local News
August 07, 2022
230 views 0 secs 0

“යුවාන් වැන්ග් 5” පැමිණීම කල් දමන ලෙස ඉල්ලීමක්…

ආන්දෝලනයට ලක්ව ඇති ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව එළඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතව තිබූ අතර එහි පැමිණිම කල් දමන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේ ය. රාජ්‍යයන් දෙක අතර ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම ඉල්ලීම කර ඇති බවත්, එම ඉල්ලීම චීනයේ බලයට වඩා අසල්වැසි ඉන්දියාවේ […]

Local News
August 07, 2022
218 views 0 secs 0

සර්ව පාක්ෂික සාකච්ඡාවල යෝජනා 8 වනදා පක්ෂවලට දැනුම්දෙයි..

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබන සඳුදා (08) වනවිට ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43 වන සේනාංකය සමඟ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ […]

Local News
August 07, 2022
264 views 0 secs 0

පළමු රන්දෝලි පෙරහර අද…

අද (07) රාත්‍රියේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.එමෙන්ම අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර අනතුරුව 12 වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.

Local News
August 06, 2022
241 views 0 secs 0

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළට..

ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500/- දක්වා ඉහළ දැමීමට නියමිතයි. මේ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය පහතින්,

Local News, Sports
August 06, 2022
241 views 0 secs 0

ලංකාවට තවත් පදක්කමක්..

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

Local News
August 06, 2022
227 views 0 secs 0

බත් පැකට්ටුවක හා ප්ලේන්ටියක මිල පහතට..

ලබන සඳුදා (08) සිට බත් පැකට් එකක සහ ප්ලේන්ටියක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.ගෑස් මිල, ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීම හමුවේ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළැඹි බව එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
August 06, 2022
223 views 2 secs 0

CEYPETCO පාඩු ලබන්න ප්‍රධාන හේතු 8 ක් පිළිබඳ බලශක්ති ඇමති කියයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට බලපෑ ප්‍රධාන හේතු පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු කිහිපයක් පහත දැක්වේ.01.වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම02.රුපියල අවප්‍රමාණය වීම – මාර්තු මාසයට පෙර කරන ලද මිලදී ගැනීම් සඳහා දින 90-180ක ණය සඳහා රු. […]

Local News
August 05, 2022
309 views 0 secs 0

තව මාස 6ක් පමණ දුෂ්කර කාල සීමාවක ගත කිරීමට සිදුවෙයි – ජනපති

රට යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 6 ක පමණ කාලයක් තවදුරටත් දුෂ්කර කාල සීමාවක් ගත කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කර සිටියා. ලෙට්ස් රී සෙට් ශ්‍රී ලංකා නමින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ ඇඩ්වකාටා ආයතනයයි. ශ්‍රී ලංකාවේ […]

Local News
August 05, 2022
231 views 0 secs 0

පෞද්ගලික බස් රථ වර්ජනය අවසන්..

ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි […]