රැට්ටා අත්අඩංගුවට…..
පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළා.
අද සිට ඉන්ධන QR කේතයට…
අද (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු QRඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.අමාත්‍යශය සඳහන් කරන්නේ මෙතෙක් ක්‍රියාත්මක වූවාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ අනෙකුත් ක්‍රමවේද අද දිනයේ සිට වලංගු නොවන බවයි. ඕනෑම වාහනයකට QR කේතය ඉන්ධන පිරවුම්හලට […]
ලබන සතියේ පාසල් කටයුතු සිදුවන ආකාරය..
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සාමාන්‍ය පාසල් වේලාවන්හි අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සිසුන්ට අගෝස්තු 01 සිට 05 දක්වා සතියේ බදාදා සහ සිකුරාදා දිනවල නිවසේ සිට හෝ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. .පාසල්වල පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් […]
ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි.
2022 වර්ශයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව ලබන 07 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.ඔහු වැඩිදුරටත් පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 05 ආරම්භ වීමට නියමිතව තිබෙන බවයි.
