ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට අධිකරණයෙන් වරෙන්තු…
නීති විරෝධී ජන රාශියකට අදාළව අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවට සහභාගී නොවීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අද ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරියි.
ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, අද (28) දිනයේ දී ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරින බවයි.ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඉදිරි සතිය තුළ තවත් ගෑස් තොග කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවයි. ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ බෙදාහරින්නන් හරහා LP ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඊයේ ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජික ඇන්තනී අත්අඩංගුවට ගෙන ඇත.
ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා.මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මතය.පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (27) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ […]
ජනපති හා අමෙරිකානු තානාපතිනී අතර හමුවක්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් අතර හමුවක් අද (27) සිදුව තිබෙනවා. එම හමුවේදී අමෙරිකානු තානාපතිනිය ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
විදෙස් ගමන් බලපත්‍ර ලබා දීම සීමා කෙරේ…
අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව ඒ අනුව කලින් වේලාව සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබාදීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඉතා හදිසි අවශ්‍යතාවන් සඳහා විදෙස්ගත වන අයදුම්කරුවන් ට විශේෂ එක් දින සේවාවක් ක්‍රියාත්මක බව ආගමන […]
ඉන්දියානු මහ කොමසාරිස් හා අනුර කුමාර අතර හමුවක්…
අද (26) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඉන්දියානු මහ කොමසාරිස් ඝොපල් ඹග්ලය් මහතා අතර හමුවක් සිදුවිය. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා සහභාගි වූ අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් Eල්ඩොස් Mඅතෙව් මහතාද සහභාගි විය.මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම […]
