Health, Local News
July 25, 2022
356 views 0 secs 0

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතිනවා – චන්දිම ජීවන්දර

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි. එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවත්, කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩු බවත්ය. වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුව ලෝක සෞඛ්‍ය […]

Local News
July 25, 2022
332 views 0 secs 0

අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්…

ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන අද (25) දිනයේ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ, ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 43,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් කර සිටියා. නිවාස පරිශ්‍රවලට වඩා […]

Local News
July 25, 2022
318 views 1 sec 0

අද දින සිට දිවයින පුරා QR ඉන්ධන අවසරපත් ක්‍රමය ආරම්භ කෙරේ.

අද (25) සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනුව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අද දිනයේ සිට වාහනයේ අවසන් ඉලක්කම සහ QR ඉන්ධන අවසරපත්‍රය යන දෙකම පරික්ෂා කරන බවයි සඳහන් වන්නේ. බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන අතර යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද […]

Local News
July 24, 2022
330 views 0 secs 0

හෙට සිට පාසල් යළි ඇරඹේ..

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (25) දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නැවත දැනුම්දෙන තුරු සඳුදා, අඟහරුවාදා සහ බ‍්‍රහස්පතින්දා පාසල් පැවැත්වීම තීරණය කර ඇති අතර බදාදා සහ සිකුරාදා දිනවල දී සිසුන්ට නිවෙස්වල සිට ඉගෙනීමේ කටයුතුවල නිරත විය හැකි ක‍්‍රියාකාරකම් ලබාදෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්නේ. එසේ නොමැති නම් බදාදා සහ සිකුරාදා […]

Local News
July 24, 2022
318 views 0 secs 0

අද දිවයිනට ළඟා වූ 6 වැනි ගෑස් නෞකාව…

ගෑස් රැගත් 6 වැනි නෞකාව අද(24) දහවල් දිවයිනට ළඟා විය. ඉන් ගෑස් මෙට්‍රික් ටොන් 3,750 ක් රැගෙන ආ බව ලිට්‍රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කර සිටියා. ඊයේ (23) දිවයිනට ළඟාවූ නෞකාවේ ගෑස් තොග ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇතැයි ද ඔහු සඳහන් කල අතර එහි අඩංගු ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,740 ක්. […]

Local News
July 23, 2022
376 views 0 secs 0

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මකයි…

ඉහළ දැමූ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ක්‍රමවේදය අද (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කල අතර ඊට පරිබාහිරව ක්‍රියාකරන සේවකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. මේ අතර නිසි ක්‍රමවේදයකින් තොරව දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති මිලටම දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව […]

Local News
July 23, 2022
345 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…

අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා කොළඹ 07,08,09 සහ 10 ප්‍රදේශවලට පැය 7ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල‍ය ප්‍රකාශ කර සිටියා.

Local News
July 22, 2022
328 views 0 secs 0

ලාංකීය ජනතාවට යහපත් අනාගතය ලබා දීම ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ වගකීමක් – ඇමරිකානු තානාපතිවරිය

ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව අනිසි ප්‍රහාරයක් එල්ල කර එක් රැයකින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ඇමරිකානු තානාපතිවරිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව අපේක්ෂිත යහපත් අනාගතය ඔවුන්ට ලබා දීමට ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට අවස්ථාවක් මෙන්ම වගකීමක් පවතින බව ද ඇය නිකුත් කළ ටුවිටර් පණිවිඩයේ සඳහන් […]

Local News
July 22, 2022
747 views 0 secs 0

වජිර අබේවර්ධන මහතා පාර්ලිමන්තුවට…

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරිණ.