Local News
July 16, 2022
197 views 0 secs 0

වැඩබලන ජනපතිගෙන් කඩිනම් සහන වැඩපිළිවෙළකට යෝජනා

දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින මහජනතාවගේ බර අවම කිරීම සඳහා ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමේ කඩිනම් සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.අද (16) පෙරවරුවේ මැති ඇමතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම තීරණය ගෙන ඇත.මීට අමතරව ලබන අගෝස්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත සහන අයවැයෙන් මෙම වැඩසටහන සඳහා අමතර […]

Local News
July 16, 2022
197 views 0 secs 0

ජනපති සටනට අනුර කුමාරත් එක්වෙයි..

ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපති ධුරය සඳහා වන ඡන්දයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
July 16, 2022
185 views 0 secs 0

පළමු ඩීසල් තොගය ලංකාවට

අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද අලුයම එම ඩීසල් තොගය කොළඹට පැමිණි බවත්, එහි තත්ත්ව සාම්පල මේ වනවිට පරීක්ෂා කෙරෙන බවයි.

Local News
July 15, 2022
202 views 0 secs 0

වැඩබලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

අද (15) වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දුන් රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යළි පූර්ණ ලෙස බලාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත්,සාමකාමීව අරගල කිරීමේ අයිතිය තමන් පිළිගන්නා බවත්, එහෙත් ඇතැම් පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට සැලසුම් කර ඇති බැවන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම කිසිඳු කණ්ඩායමකට ඉඩ ලබා නොදෙන […]

Local News
July 15, 2022
185 views 0 secs 0

පාසල් නිවාඩුව 20 වැනිදා දක්වා දීර්ඝ වෙයි..

වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 18 වනදා දින සිට 20 වනදා දක්වා දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්,

Local News
July 15, 2022
211 views 0 secs 0

නව ජනපති තේරීම 20 වැනිදා…..

අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කර සිටියා. ඒ අනුව හෙට (16) පාර්ලිමේන්තුව රැස්වන අතර ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි. පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා සිදු කර ජනාධිපතිවරයා තෝරා පත් කර […]

Local News, Politics
July 15, 2022
238 views 0 secs 0

ආරාධනා ලැබුණොත් ජනාධිපතිකම භාර ගන්න සූදානම් – සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්ෂයේ එකඟතාවය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනා ලැබුණහොත් ජනාධිපති ධුරය බාරගැනීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියා. මේ වන විටත් අගමැති ධුරය බාරගන්නා ලෙසට පොහොට්ටුව පාර්ශවයෙන් තමන්ට ආරාධනා ලැබෙමින් තිබෙන බවයි සරත් ෆොන්සේකා සඳහන් කර සිටියා. යුද්ධයට නායකත්වය දීමේ දී ද තමන්ට නොයෙකුත් අභියෝගය එල්ල වූ බවද, […]

Local News
July 15, 2022
212 views 0 secs 0

ජනපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ඉල්ලා අස්වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 (1) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව කථානායක නිල නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජුලි 14 වැනිදා සිට නීත්‍යානුකූලව […]

Local News
July 14, 2022
200 views 0 secs 0

ජනපති ගෝඨාභයගෙන් කතානායකට ලැබුණු ඉල්ලා අස්වීමේ ලිපිය…

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි, කතානායක කාර්යාලය පවසයි.මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් හෙට දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

Local News
July 14, 2022
193 views 0 secs 0

සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.පුද්ගලික පැමිණීමක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති අතර ඔහුට කිසිඳු රැකවරණයක් ඉල්ලා හෝ එසේ ලබාදී නොමැති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.