Local News
July 12, 2022
305 views 0 secs 0

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දිය යුතුයි – අනුර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවසාන රාජකාරිය ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු බවත්, එසේත් නොවුවහොත් පාර්ලිමේන්තුවෙන් ඔහුට වැඩබලන ජනාධිපති ලෙස පත්වීම වැළැක්වීමට කටයුතු කළ යුතු […]

Local News
July 12, 2022
274 views 0 secs 0

විපක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් අතර හමුවක්…

රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වයට විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා විපක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් අතර හමුවක් අද(12) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙම කමිටුව රට ගොඩනැගීම උදෙසා වූ පොදු වැඩපිළිවෙලක් ඔස්සේ තීරණාත්මක කාල පරාසයක් උදෙසා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් ස්ථාපිත කොට තිබේ.

Local News
July 12, 2022
300 views 0 secs 0

ජනාධිපතිට ඇමරිකානු වීසා ප්‍රතික්ශේප වෙයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.

Local News
July 12, 2022
273 views 0 secs 0

බැසිල් රාජපක්ෂ රටින් පිටවන්නට හදයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රීයේ පැමිණ තිබේ. ඒ අවස්ථාවේ දී සේද මාවතේ පිටත්වීමේ පර්යන්තයේ සිටි විගමන හා ආගමන විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇත.පසුව බැසිල් රාජපක්ෂ ආපසු හැරී ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Local News
July 11, 2022
276 views 0 secs 0

ආණ්ඩුවේ ජනවරම අවසන්! අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් – විපක්ෂ නායක

ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා […]

Local News
July 11, 2022
312 views 0 secs 0

අගමැති, අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක්..

අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කැබිනට් අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සාකච්ඡාවට සහභාගි වූ සියලුම අමාත්‍යවරුන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූ වහාම එම රජයට වගකීම් පැවරීමට සූදානම් බව අදහස් පල කර සිටියා.

Local News
July 11, 2022
290 views 0 secs 0

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම් වෙයි..

අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේගේ වැඩ තහනම් කර ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර් ‍යාලය නිවේදනයක් ඉකුත් කරමින් සඳහන් කර සිටියා.මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Local News
July 11, 2022
380 views 0 secs 0

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි..

අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැමිණි මඟීන් සඳහාද අතිරේක දුම්රිය යෙදවූ බවත්, කාර්යාල දුම්රිය සියල්ලක්ම ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න සඳහන් කර සිටියා. මීට අමතරව අද දිනයේ විශේෂ කාර්යාල දුම්රියක්, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ උදෙස් පරිදි කන්කසන්තුරයේ සිට කිළිනොච්චිය දක්වා ධාවනය […]

Local News
July 11, 2022
296 views 0 secs 0

ජනපති ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.ඒ අනුව ජුලි 13 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමට නියමිතයි.

Local News
July 11, 2022
294 views 0 secs 0

අද සිට අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදා හැරේ – ලිට්‍රෝ සමාගම

අද (11) සහ හෙට (12) දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලටත්, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටත් ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටී. තව ද 12.5ක්ග් ගෑස් සිලින්ඩරයක උපරිම මිල රුපියල් 4910 ක් (කොළඹ) වන බව සඳහන් කරන එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, වැඩි මිලට හෝ වෙනත් පාර්ශවයන් හරහා මිලදී ගැනීම් සිදු කිරීමෙන් වළකින […]