Local News
July 10, 2022
157 views 2 secs 0

IOC ඉන්ධන බෙදාහැරීම අද සිට නැවතත්

IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල පර්යන්තය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව සමාගම පවසයි.

Local News
July 10, 2022
166 views 0 secs 0

අගමැතිගේ නිවස ගිනිතැබීම සම්බන්ධව තිදෙනෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Local News
July 10, 2022
199 views 0 secs 0

“ගෑස් කඩිනමින් බෙදාහරින්න” යැයි ජනපතිගෙන් නිවේදනයක්

මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට පැමිණීමට නියමිත බවද එම නිවේදනය මඟින් පවසනවා.අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා […]

Local News
July 09, 2022
149 views 0 secs 0

අගමැති ඉල්ලා අස් වීමට එකඟ වෙයි…

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට […]

Local News
July 09, 2022
181 views 0 secs 0

කොළඹට ජන ඟගක්

දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව කොළඹ දක්වා පැමිණෙමින් සිටියි.

Local News
July 09, 2022
173 views 0 secs 0

පොලිස් ඇඳිරි නීතිය ඉවතට…

ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.