Local News
July 14, 2022
293 views 0 secs 0

ජනපති ගෝඨාභයගෙන් කතානායකට ලැබුණු ඉල්ලා අස්වීමේ ලිපිය…

ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියක් කතානායකවරයා වෙත ලැබී ඇතැයි, කතානායක කාර්යාලය පවසයි.මෙහි නිර්වද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය කතානායකවරයා විසින් හෙට දවස ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය ප්‍රකාශ කර සිටියා.

Local News
July 14, 2022
289 views 0 secs 0

සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) දහවල් සෞදි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් (SV788) මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.පුද්ගලික පැමිණීමක් ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති අතර ඔහුට කිසිඳු රැකවරණයක් ඉල්ලා හෝ එසේ ලබාදී නොමැති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Local News
July 14, 2022
269 views 0 secs 0

අද දහවල් 12 සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇදිරි නිතිය…

අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Local News
July 14, 2022
275 views 0 secs 0

මහජනයා අත්පත් කර ගත් මන්දිර සියල්ල භාර දීමට තීරණය කරයි.

මහජනතාව විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති රජයේ ගොඩනැගිලි වන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය භාරදීමට තීරණය කර තිබෙනවා. සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ගාලුමුවදොර විරෝධතාකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් සඳහන් කළේ.

Local News
July 14, 2022
270 views 0 secs 0

ජනපති තවමත් ඉල්ලා අස්වීම භාර දී නැහැ – කථානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නොමැති බව කතානායකවරයා පවසනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දන්වා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා. ඊයේ අලුයම මාලදිවයිනට ළඟා වූ ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය […]

Local News
July 13, 2022
305 views 0 secs 0

ආණ්ඩුවට හා විපක්ෂයටද පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන්න – රනිල්

ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද පිළිගත හැකි අග්‍රාමාත්‍යවරයෙකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

Local News
July 13, 2022
278 views 0 secs 0

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවන්නැයි අගමැතිගෙන් පොලිසියට නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.

Local News
July 13, 2022
286 views 0 secs 0

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබේ.අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බැවින් ඔහු වෙනුවෙන් කටයුතු කිරීමට , ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (01) වගන්තිය ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් […]

Local News
July 13, 2022
276 views 0 secs 0

අගමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

කොළඹ 07, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය අසල ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ විරෝධතාවයක නිරත වෙති.විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය මීට පෙර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ නමුත් තවත් විරෝධතාකරුවන් එම ස්ථානයට රැස්ව සිටියහ.විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඉල්ලා අස්විය යුතු බවයි.අද දිනයේදී සිය ඉල්ලා අස්වීම භාරදෙන […]

Local News
July 13, 2022
268 views 0 secs 0

ජනපති රටින් පිටව යයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මෙරටින් පිටත්ව මාලදිවයිනට ගොස් ඇති බව වාර්තා වේ.පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ශක අමාත්‍යංශ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන රේගු හා අනෙකුත් නීති වලට යටත්ව ජනාධිපතිවරයාට හා මැතිණියට මෙලෙස පිටව යාමට ගුවන් යානයක් ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.