බැසිල් රාජපක්ෂ රටින් පිටවන්නට හදයි
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රීයේ පැමිණ තිබේ. ඒ අවස්ථාවේ දී සේද මාවතේ පිටත්වීමේ පර්යන්තයේ සිටි විගමන හා ආගමන විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇත.පසුව බැසිල් රාජපක්ෂ ආපසු හැරී ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ආණ්ඩුවේ ජනවරම අවසන්! අලුත් ආණ්ඩුව හදන්න අපි සූදානම් – විපක්ෂ නායක
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා […]
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි..
අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැමිණි මඟීන් සඳහාද අතිරේක දුම්රිය යෙදවූ බවත්, කාර්යාල දුම්රිය සියල්ලක්ම ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න සඳහන් කර සිටියා. මීට අමතරව අද දිනයේ විශේෂ කාර්යාල දුම්රියක්, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ උදෙස් පරිදි කන්කසන්තුරයේ සිට කිළිනොච්චිය දක්වා ධාවනය […]
අද සිට අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදා හැරේ – ලිට්‍රෝ සමාගම
අද (11) සහ හෙට (12) දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලටත්, 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටත් ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර සිටී. තව ද 12.5ක්ග් ගෑස් සිලින්ඩරයක උපරිම මිල රුපියල් 4910 ක් (කොළඹ) වන බව සඳහන් කරන එම සමාගම පාරිභෝගිකයින්ට දැනුම් දෙන්නේ, වැඩි මිලට හෝ වෙනත් පාර්ශවයන් හරහා මිලදී ගැනීම් සිදු කිරීමෙන් වළකින […]
IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර…
දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බව එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, […]
