Local News
July 11, 2022
295 views 0 secs 0

IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර…

දිවයින පුරා පිහිටි ලංකා IOC පිරවුම්හල් සඳහා පැය 24 පුරා ඉන්ධන ප්‍රවාහනයට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමය පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිපෙට්කෝ පිරවුම්හල් වෙත ඉන්ධන ප්‍රවාහනය කෙරෙන බව එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, […]

Local News
July 10, 2022
760 views 0 secs 0

ධම්මික පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

ඈයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා තම ධූරයෙන් ඉල්ල අස් වී තිබේ. ඔහු තම ඉලා අස් වීමේ ලිපිය ලිඛිතව ජනාධිපතිවරයාට භාර දී ඇතිබවයි වාර්තා වන්නේ.

Local News
July 10, 2022
270 views 2 secs 0

IOC ඉන්ධන බෙදාහැරීම අද සිට නැවතත්

IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද සිට යළි ආරම්භ කළ බව ලංකා IOC පවසයි. IOC ඉන්ධන පිරවුම්හලට ඉන්ධන යැවීම සඳහා ලංකා IOC හි ත්‍රිකුණාමල පර්යන්තය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව සමාගම පවසයි.

Local News
July 10, 2022
289 views 0 secs 0

අගමැතිගේ නිවස ගිනිතැබීම සම්බන්ධව තිදෙනෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, 19 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, කඩවත සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙනෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Local News
July 10, 2022
332 views 0 secs 0

“ගෑස් කඩිනමින් බෙදාහරින්න” යැයි ජනපතිගෙන් නිවේදනයක්

මෙරට මුහුදු තීරයට ගෑස් රැගත් නෞකාව ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම හෙට දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් දෙවන නෞකාව මෙරටට පැමිණීමට නියමිත බවද එම නිවේදනය මඟින් පවසනවා.අද පැමිණි නෞකාව පස්වරු 3.00 ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා […]

Local News
July 09, 2022
274 views 0 secs 0

අගමැති ඉල්ලා අස් වීමට එකඟ වෙයි…

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට […]

Local News
July 09, 2022
305 views 0 secs 0

කොළඹට ජන ඟගක්

දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව කොළඹ දක්වා පැමිණෙමින් සිටියි.