Local News
July 09, 2022
291 views 0 secs 0

පොලිස් ඇඳිරි නීතිය ඉවතට…

ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.

Local News
July 08, 2022
297 views 0 secs 0

නිරායුධ සාමකාමී අරගලයට පොලිස් ඇදිරිනීතිය පැනවීම බියගුළු ක්‍රියාවක් – මෛත්‍රීපාල සිරිසේන

නිදහස් සාමකාමී නිරායුධ අරගලය මැඩ පැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම ඇදිරි නීතිය පසෙක ලා හෙට (9) තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගලයට නොබියව එකතු වන ලෙස එතුමා වැඩිදුරටත් නිවේදනයේ සදහන් කර සිටියා. එම නිවේදනය පහතින්,

Local News
July 08, 2022
326 views 0 secs 0

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය සේවා හෙට (09) දිනයේ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා. මේ අතර අද (08) රාත්‍රී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, කිසිඳු දුම්රිය වර්ජනයක් මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවත් දුම්රිය අවලංගුවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හේතුවෙන් බවයි.

Local News
July 08, 2022
322 views 0 secs 0

මහජන අරගලයට සහය දක්වන්න අන්තරේ කොළඹට…

අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (08) රාත්‍රීයේ කොළඹ රැඳී සිටීමට නියමිතයි. ඒ හෙට (09) පැවැත්වෙන මහජන අරගලයට සහාය දැක්වීම සඳහායි. ඔවුන් මේ වන විට බැංකු මාවත ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

Local News
July 08, 2022
282 views 0 secs 0

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය..

බස්නාහිර පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම ප්‍රදේශ පහතින්. මීගමුව කොට්ඨාසය කැළණිය කොට්ඨාසය නුගේගොඩ කොට්ඨාසය ගල්කිස්ස කොට්ඨාසය කොළඹ (උතුර) කොට්ඨාසය කොළඹ (දකුණ) කොට්ඨාසය කොළඹ (මධ්‍යම) කොට්ඨාසය

Local News
July 08, 2022
338 views 0 secs 0

සඳුදා සිට දුම්රිය ගාස්තු ඉහලට….

ජුලි මස 11 වන සඳුදා සිට දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට තීරණය කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 3 වන පන්තියේ ප්‍රවේශපත්‍රයක අවම ගාස්තුව රුපියල් 20 ක් වෙනු ඇති බවයි වාර්තා වන්නේ. නව දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති අතර ඉදිරියේදී එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Local News
July 07, 2022
296 views 0 secs 0

රට පුරා අර්බුදයට එරෙහි විරෝධතා රැසක්

රටේ පවතින ගැටලු විසඳීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් අද (07) පාපැදි පෙළපාලියකින් විරෝධතාවක නිරතවී තිබෙනවා. එම පාපැදි පෙළපාලිය නුගේගොඩ ගුවන් පාලම අසලින් ආරම්භ කර කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් වූ අතර ඉන් අනතුරුව මහජන රැස්වීමක්ද සංවිධානය කර තිබූ බවයි සඳහන් වන්නේ.මේ අතර අද දිනයේ පවතින අර්බුදයට සහ ජනාධිපතිවරයාට […]

Local News
July 07, 2022
477 views 2 secs 0

මහ බැංකුව පොලි අනුපාතය ඉහළ දැමීමට තීරණය කරයි.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)14.50% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% දක්වා ඉහළ දමා තිබෙනවා. මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට […]

Local News
July 07, 2022
314 views 0 secs 0

ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් මරුට

ඉන්ධන සඳහා පෝලිමේ රැඳී සිටියදී තවත් පුද්ගලයෙක් මිය යයි .ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ පයාගල ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීමේ පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව ය.