සජිත් ප්‍රේමදාස ජනපතිවරණ තරඟයෙන් ඉවත් වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ඩලස් අලහප්පෙරුම මහතා ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සහ එහි සන්ධානය මෙන්ම විපක්ෂයේ හවුල්කරුවන් ද අද කටයුතු කරන බවයි. “මා ආදරය කරන මගේ රටේ සහ මා ආදරය කරන මිනිසුන්ගේ යහපත උදෙසා මම ජනාධිපති ධුරය සඳහා වූ මගේ […]
බස් ගාස්තු පහලට…
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර සංශෝධිත ගාස්තු පිළිබඳව නිර්දේශය ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යොමු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියා.ඒ අනුව නව බස් ගාස්තුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
වැඩ බලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…
රටේ වත්මන් දේශපාලන අර්බුදය විධායක ජනාධිපති ක්‍රමය නිසා ඇති වී තිබෙන බවත්, මහජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදෙන 19 වැනි සංශෝධනය යළි ගෙන එන බවත් වැඩබලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කලා. ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව තමන් පැහැදිළි කළ බවත්, කෙසේ වෙතත් ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 […]
අධිකරණය හමුවට ඉදිරිපත් කල රන්ජන්…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නියම කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නඩු කටයුත්තක් සඳහා අද (18) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ඔහු නිදහස් කිරීමට අදාල කටයුතු සූදානම් කරන ලෙස වැඩබලන ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යවරයා ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
