Local News
July 30, 2022
199 views 0 secs 0

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (30) රාත්‍රී 09 සිට පසුදා උදෑසන 08 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශයන් සඳහාය.ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියේජල හා අපජල කලමණාකරණ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

Local News
July 30, 2022
226 views 0 secs 0

IMF සාකච්ඡා ඉහළ ප්‍රගතියක අත්කරගනී…

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන […]

Local News
July 30, 2022
269 views 0 secs 0

01 වැනිදා සිට ක්‍රියාතමක වන සංශෝදිත දුම්රිය වෙන් කළ ආසන ගාස්තුව…

පසුගිය 22 වැනිදා දුම්රිය ප්‍රවේශපත්‍රයේ මිල වැඩිවීමට සමගාමීව දුර ගමන් සේවා හා ‍නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වෙන් කළ ආසන ගාස්තු සංශෝධනය ලබන 01වැනිදා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකශ කලා. එසේම පළමු , දෙවන හා තුන්වන පන්තියේ වෙන්කළ දුම්රිය ආසන ගාස්තු ඉහළ යනු ඇති.

Local News
July 29, 2022
206 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

හෙට (30) රාත්‍රී 9. 00 සිට පැය 11 ක් කොළඹ 9, 10, 11 සහ 12 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

Local News
July 29, 2022
202 views 0 secs 0

විමල් වීරවංශගෙන් අර්බුදයට යෝජනා 12ක්

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.මන්ත්‍රිවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා තම පක්ෂය විසින් යෝජනා කර ඇති වැදගත් කරුණු ගෙනහැර දක්වා ඇත. ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ රටේ පවතින විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසටය.එම යෝජනා මෙසේය.

Local News, Sports
July 29, 2022
220 views 0 secs 0

ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉදිරියට…

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ 53.33% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගනිමින්. 71.43% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, 70% ජයග්‍රහන […]

Local News
July 29, 2022
214 views 0 secs 0

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවත්, ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
July 28, 2022
194 views 0 secs 0

ජනපති හමුවූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය….

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය මුදල් අමාත්‍යාංශයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(28) පුළුල් සාකච්ඡාවක් සිදු කළ බව ඔරකාශ කර සිටියා… මෙම හමුවෙන් පසුව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කඅරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් සහ නියමිත ක්‍රියාවලියට ගරු කිරීම, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ විවෘත අවකාශයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට […]

Local News
July 28, 2022
210 views 0 secs 0

වේරංග පුෂ්පික බන්ධනාගාරගත කරේ…

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන වේරංග පුෂ්පික ද සිල්වා ඊයේ (27) දිනයේ බස් රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණා.

Local News
July 28, 2022
238 views 0 secs 0

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමිට අධිකරණයෙන් වරෙන්තු…

නීති විරෝධී ජන රාශියකට අදාළව අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවට සහභාගී නොවීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.