Local News
August 04, 2022
344 views 0 secs 0

ජෝසෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

Local News
August 04, 2022
299 views 0 secs 0

පැයකට සීමා වුණ විදුලි කප්පාදුව..

හෙට (05) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලය පැයක් දකාවා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසම පවසනවා. හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන පහතින්.

Local News
August 04, 2022
293 views 2 secs 0

QR කේත වංචාවට එරෙහිව දැඩි පියවර

ව්‍යාජ QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.ව්‍යාජ QR කේත භාවිත කර ඉන්ධන ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දැරීමේ එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.එවැනි QR කේත හඳුනාගැනීම සඳහා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.

Local News
August 04, 2022
275 views 0 secs 0

අද රාත්‍රීයේ සිට බස් ගාස්තුව පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩු කරන අතර අවම බස් ගාස්තුව රු. 34 කි.ජාතික ගමනාගමන කොමිෂන් සභාව අඩු කළ බස් ගාස්තු ලැයිස්තුවක් නිකුත් කර තිබේ.

Local News
August 04, 2022
293 views 0 secs 0

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්…

දුම්රිය දෙපාර්තමේන්තුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඩබ්ලිව්.ඒ.බී.එස්.ඊ.පී. ගුණසිංහ පත්කර තිබෙන අතර අද (04) ඔහු සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඔහු මීට පෙර ප්‍රවාහන අමාත්‍යාංශයේ කටයුතු කළ සමයේ මාස 07 ක පමණ කාලයක් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙසද රාජකාරී කළ බවයි සඳහන් වන්නේ.

Local News
August 04, 2022
263 views 0 secs 0

ජෝසප් ස්ටාලින් අද අ‍ධිකරණය වෙත..

පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අද (04) කොටුව මහෙස්ත්‍රාත් අ‍ධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Local News
August 04, 2022
287 views 0 secs 0

අත්‍යාවශ්‍ය සේවාවන් ගැන නිකුත් කල ගැසට් නිවේදනය….

රජයේ සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් න්වේදනයට අනුව විදුලිය, ඛනිජ තෙල්, රෝහල් සේවය අත්‍යාවශ්‍ය සේවයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්,

Local News
August 03, 2022
270 views 0 secs 0

අරගලකරුවන්ට පොලීසියෙන් දැනුම්දීමක්…

අද (03) සවස ගාලුමුවදොර අරගලකරුවන්ට, උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් සහ භෝග වගාකිරීම් වහාම අගෝස්තු 5 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Local News
August 03, 2022
270 views 0 secs 0

22 වන සංශෝධනය ගැසට් කෙරේ…

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි ගැසට් නිවේදනයක් මගින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වුණා.