Local News
May 10, 2022
319 views 0 secs 0

අදත් රට පුරා වැඩවර්ජන

අද දිනයේදී ද දිවයිනම ආවරණය වන ලෙස ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේ මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ එක්වන බවයි.

Local News
May 09, 2022
294 views 0 secs 0

ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ…

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය, 11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Local News
May 09, 2022
272 views 0 secs 0

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරේ.අද දින දුම්රිය ධාවනය ගමනාන්ත දක්වා පමණයි. නැවත දැනුම්දෙනතුරු දුම්රිය ධාවනය අත්හිටුවයි – දුම්රිය සාමාන්‍යාධිකාරී

Local News
May 09, 2022
302 views 0 secs 0

අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වේ.

මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

Local News
May 09, 2022
267 views 0 secs 0

සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනව – අමරිකානු තානාපතිනි.

අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව පවසනවා. ප්‍රචණ්ඩත්වය ඇති කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස තානාපතිනිය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Local News
May 09, 2022
282 views 0 secs 0

ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා – ජනාධිපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසයි. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවත්, සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස […]

Local News, Uncategorized
May 09, 2022
462 views 0 secs 0

ගෝටාගෝගමේ ගැටුම්කාරී තත්ත්වයක්..

අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල භූමියට පැමිණ එහි තිබූ ඉදිකිරීම් කඩා දමමින් පහර දීම් සිදු කළ අතර පොලීසිය පිරිස විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගාලු මුවදොර ප්‍රදේශය තවදුරටත් උණුසුම්කාරී […]