Local News
May 09, 2022
292 views 0 secs 0

ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදු කරනවා – අගමැති

තමා ඕනෑම කැපකිරීමක් ජනතාව වෙනුවෙන් කරන්න සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. මේ පිළිබඳ අග්‍රමාත්‍යවරයා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කළා.

Local News
May 09, 2022
280 views 0 secs 0

ජනාධිපති ලේකම්,ආරක්ෂක ලේකම් හා පොලිස්පති අද මානව හිමිකම් කොමිසමට

අද (09) දින පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.ඒ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සඳහා ය.

Local News, Politics
May 09, 2022
330 views 0 secs 0

අගමැති ඉවත් වුවහොත් දේශපාලන අර්බුධ ඇතිවිය හැකියි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමින්, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව ප්‍රකාශ කර සිටියා. අද (09) උදෑසන පාක්ෂිකයින් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපසට රැස්ව විරෝධතාවේ නිරත වූ අතර පසුව පිරිස අරලියගහ මන්දිරයට තුළට පැමිණියේ ය.

Local News
May 09, 2022
321 views 1 sec 0

අද IMF සමඟ තවත් සාකච්ඡාවක්…

අද (09) IMF සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් ආරම්භ වේ.සාකච්ජා ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. online ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා මෙන්ම මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් සහභාගි වේ. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, හදිසි මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් සිදු කල ඉල්ලිම […]

Local News
May 09, 2022
318 views 0 secs 0

සිකුරාදා වනතුරු ගෑස් නැහැ, පෝළිම් වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම

ලිට්‍රෝ සමාගමෙහි සභාපති විජිත හේරත් මහතා, ලබන සිකුරාදා (13) තෙක් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බැවින් ගෑස් පෝලිම් වෙත පැමිණීමෙන් වළකින්න ලෙස ම ජනතාවට දැනුම් දී සිටී. එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකා දෙකක් ලබන බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා මෙරටට ළඟාවීමට නියමිත බවත්, ඊට අදාළ ඩොලර් මිලියන 7 ක ගෙවීම් කටයුතු අද දිනයේ […]

Local News
May 08, 2022
298 views 3 secs 0

නීතිඥ සංගමය යෝජනාව ගැන ජනපතිගෙන් නිවේදනයක්..

වත්මන් අර්බුදය විසඳීම සඳහා ඹැSළ් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Local News
May 08, 2022
322 views 0 secs 0

ලංකා IOC ඉන්ධන බෙදා දීම සීමා කෙරේ…

හෙට (09) සිට ලංකා ඓOC ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000කට ද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කට ද, කාර්, වෑන්, ජීප් සඳහා රුපියල් 8,000 ඉන්ධන නිකුත් කරන අතර මෙය බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවන බවද වාර්තා වේ.

Local News
May 07, 2022
356 views 0 secs 0

වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. ඒ හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී සිටී.