Local News
May 07, 2022
209 views 10 secs 0

අද විදුලි කප්පාදු කාළසටහන…

අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් හා P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන කාලයේ – […]

Local News
May 06, 2022
214 views 0 secs 0

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරේ..

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Local News
May 06, 2022
202 views 0 secs 0

භූමිතෙල්වලටත් සීමා පැනවේ.

ඉන්ධන පිරවුම්හලකින් දිනකට පාරිභෝගිකයෙකු සඳහා භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක්ද ඉදිරිපත් කළ යුතු බවයි.

Local News
May 06, 2022
357 views 0 secs 0

රංජිත් සියඹලාපිටිය සිය ධූරයෙන් යළිත් ඉල්ලා අස්වේ.

ඊයේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් යළිත් වරක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේසිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.

Local News
May 06, 2022
238 views 0 secs 0

පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට හා වෘත්තීය සමිති එකතුවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Local News
May 06, 2022
240 views 0 secs 0

බංගලාදේශයෙන් ඖෂධ පරිත්‍යාගයක්…

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියා. එම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් ක් වන අතර සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය ඩකා නුවරදී පැත්වීමට නියමිතව තිබෙනවා.

Local News
May 06, 2022
205 views 0 secs 0

රට පුරා ක්‍රියාත්මක වන හර්තාල්..

අද (06) රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධාන වල සහයෝගය ඇතිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සංගම් පවසනවා. මෙහි අරමුණ ජනතා මතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීම ගැන විරෝධය පළ කිරීමයි. ඒ අනුව ගුරු විදුහල්පතිවරුන්, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවහාන […]

Local News
May 04, 2022
276 views 0 secs 0

යෝෂිත ගැන කල ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානමක්…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳ කළ ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාල නිවේදනයක් මගින් දැනුම් දෙයි. එම නිවේදයේ සඳහන් වන්නේ, ඉඩම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය හා ජනතාව නොමග යනව සුලු […]

Local News
May 04, 2022
207 views 1 sec 0

විදුහල්පතිගේ කාමරයට ගිණි තැබූ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට…

පානදුර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ කාර්යාලයට සහ පරිගණක කාමරයකට ගිනි තැබූ බව කියන සිසුන් දෙදෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම විදුහලේ වයස අවුරුදු 12 සහ 07 යන වයස්වල පසුවන සිසුන් දෙදෙනකු විසින් මෙම කාමර දෙකට ගිනි තබා ඇති බව CCඨ්V දර්ශනවල සටහන්ව තිබූ අතර කිසියම් වරදක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් දඬුවම් ලැබීමෙන් පළිගැනීමක් ලෙස සිසුන් එලෙස ක්‍රියාකර ඇති […]