ඇඳිරිනීතිය හෙට ඉවත් කරයි..
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7.00 ට ඉවත්කර හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
හරීන් සජබෙන් ඉවත් වීමට තීරණයක්..
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා. රටට ඉක්මනින් රජයක් අවශ්‍ය අතර එය ප්‍රමාද කළ නොහැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රමාද කරන්නේ නම් තමන් ස්වාධීන වී රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන බවයි ඔහු වැඩිදුටත් සඳහන් කරන්නේ.
නිතිපතිගෙන් පොලිස්පතිවරයාට ලිපියක්
නීතිපති සංජය රාජරත්නම් විසින් ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.මෙසේ ලිඛිතව දැනුම් දී ඇත්තේ පහරදීමට සම්බන්ධ පිරිස සහ හේතු සොයා බැලීමට කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසයි.සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය […]
ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ…
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ දැනට පනවා ඇති ඇඳිරිනීතිය, 11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයේ, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක කිසිවෙකුට රැඳී සිටීමට අවසර නොමැති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
