Local News, Politics
May 23, 2022
314 views 0 secs 0

අද තවත් අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතයි.

අද (23) නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරියේදී පෙර අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම්දී තිබුණා. දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 25 දෙනෙකුට සීමා වන බවයි.

Local News
May 22, 2022
317 views 0 secs 0

යළි ජාතික පද්ධතියට එක් වූ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රය..

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර අද (22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම මෙගාවොට් 260ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක්වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

Local News
May 22, 2022
288 views 0 secs 0

නියමිත වේලාවට විභාග ශාලාව යාමට නොහැකි වන දරුවන්ට සහනයක්..

හෙට (23) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත යොමුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. කෙසේ නමුත් යම් සිසුවෙකුට නියමිත වේලාවට විභාග ශාලාව වෙත පැමිණීමට නොහැකිවුවහොත් ඊට සහනයක් ලබාදීම සඳහා අදාළ විභාග ශාලා අධිපතිවරුන් දැනුවත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා. මේ […]

Local News
May 22, 2022
283 views 0 secs 0

ඉන්දීය රජයේ මානුෂීය ආධාර තොගය නිල වශයෙන් මෙරටට…

අද (22) ඉන්දීය රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන රුපියල් බිලියන 02ක මානුෂීය ආධාර තොගය නිල වශයෙන් මෙරටට ලබාදී තිබෙනවා. ඒ සඳහා විදෙස් අමාත්‍ය ජී.එල් පීරිස් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාග ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණා. සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 200ක්, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් […]

Local News
May 22, 2022
282 views 0 secs 0

ඩොලර් 50,000 ක් ළඟ තබා ගත් අයෙකු අත්අඩංගුවට…

ඊයේ (21) රාත්‍රීයේ රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳසැකලක සිටියදී , අමෙරිකානු ඩොලර් 50,000 ක් සන්තකයෙහි තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිද හැටන් ප්‍රදේශයේ ස්ථිර පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ 15 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පුද්ගලයෙකු බවට මේ වන විට අනාවරණයවී තිබෙනවා.

Local News
May 21, 2022
355 views 0 secs 0

ලිට්‍රො ගෑස් 80,000ක් බෙදා හැරීමට සුදානම්…

අද (21) දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 බැගින් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ගෑස් සිලින්ඩර බෙදාහැරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කරනවා.

Local News
May 21, 2022
295 views 0 secs 0

හදිසි නීතිය අහෝසියි…

පසුගිය මැයි 06 වන දින අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ජනාධිපතිවරයා විසින් බලාත්මක කරන ලද හදිසි නීති තත්ත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් ඇතුළත සම්මත කර නොගැනීම හේතුවෙන් අහෝසි වී තිබෙනවා. ඒ අනුව මෙරටට පනවා තිබූ හදිසි නීති තත්ත්වය ඊයේ (20) දිනයේ සිට ඉවත්ව ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

Local News
May 19, 2022
285 views 0 secs 0

මන්ත්‍රිවරුන්ට දිවා ආහාරය අත්හිටුවන්නැයි ඉල්ලීම්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා එහි කාර්ය මණ්ඩලය ඇතුළු 900කට ලබා දෙන දිවා ආහාරය සදහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා මන්ත්‍රිවරුන්ට ලබා දෙන දිවා ආහාරය අත්හිටුවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිප දෙනෙකු විසින් කථානායකවරයා වෙත ලිපියකින් ඉල්ලීමක් කොට තිබේ.එම ලිපිය පහතින්,

Local News
May 19, 2022
261 views 0 secs 0

අන්තරේට කඳුළු ගෑස් ප්‍රහාර …

කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

Local News
May 19, 2022
284 views 0 secs 0

හෙට දින පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ..

රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප‍්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන, රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පළමු පාසල් වාරයේ දෙවන අදියර ජුනි 6 ඇරඹෙන බවයි.