Local News
June 01, 2022
252 views 0 secs 0

ඉහළ දැමුණු වැට් බද්දට ගැසට් නිකුත් කරයි…

ඊයේ (31) වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණු අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය අද (01) සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ අතර ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු , ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරිමට ද නියමිතය.

Local News
May 31, 2022
331 views 0 secs 0

හෙට සිට පුවත්පත් මිල ඉහළට..

හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමන බවට පුවත්පත් සමාගම් තීරණය කර තිබෙනවා. ප්‍රවාහන හා මුද්‍රණ වියදම් සහ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් පුවත් පත් මිල මෙලෙස ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව එම සමාගම් පවසයි.

Local News
May 31, 2022
262 views 0 secs 0

ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතුයි – මහාචාර්ය බුද්ධි මාරඹේ

මේ මොහොතේ සිටම ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදය වළක්වාගැනීමට සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙවර වී අස්වැන්න සියයට 50 කට වඩා අඩුවනු ඇති බවත් ඔක්තෝම්බර් මාසයේ සිට මාසිකව අවශ්‍ය කරන වී ප්‍රමාණය ජනතාවට ලබාදීමට නොහැකි වන බවයි. ඒ අනුව සහල් […]

Local News
May 30, 2022
247 views 0 secs 0

ශිෂි වීරවංශගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙටට කල් යයි..

වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියමවී සිටින ශිෂි වීරවංශ මහත්මියගේ ඇප ඉල්ලීම සලකා බැලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හෙට (31) ට කල් තැබී ය. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශගේ නීතිඥවරුන් විසින් මෙම ඇප ඉල්ලීම ගොනුකර තිබෙනවා. පසුගියදා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇයට වසර දෙකක […]

Local News
May 30, 2022
247 views 0 secs 0

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ වේ..

අද (30) සිට දින 90කට පෙර වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි. සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව, ඩීසල්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙනවා.

Local News
May 29, 2022
279 views 0 secs 0

රාජ්‍ය මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුවට ඇති බලය ශක්තිමත් කිරීමට සැලසුම්…

අද (29) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, නව මුදල් කාරක සභා දෙකක් සහ අධීක්ෂණ කාරක සභා 10 ක් පිහිටුවා රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලය ශක්තිමත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම එම ක්‍රමවේදය මඟින් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට වගකියන පසුබිමක් නිර්මාණය වන බවද අගමැතිවරයා එහිදී […]

Local News
May 29, 2022
238 views 0 secs 0

අද සවස අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

අද (29) පස්වරු 6.45 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Local News
May 29, 2022
316 views 0 secs 0

හිටපු අගමැති මානව හිමිකම් කොමිසමට….

පසුගිය 9 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමි විරෝධතාවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී සිදුවිම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මානව හිමිකම් කොමිසම වෙත කැඳවීමට තීරණය කර තිබේ.ඊට අමතරව හිටපු අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන,ජෝන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ කැබිනට් අමාත්‍ය ‍රමේෂ් පතිරණ මහතා ද […]

Local News
May 29, 2022
258 views 0 secs 0

අද දිනත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවේ..

අද (29) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බැවින් ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වන විට දින 6 ක කාලයක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හැරීමක් සිදු කර නැහැ.

Local News
May 29, 2022
256 views 0 secs 0

අද විදුලි කප්පාදු නැහැ – මහජන උපයෝගීතා කොමිසම

සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් අද (29) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් යළිත් හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.