ජාතික ජන බලවේගය චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් හමුවෙයි
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයින් වන හිටපු පා.ම. වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, චමින්ද ජයසූරිය, මුදිත නානායක්කාර යන අය අද(24) චීන තානාපති කාර්යාලයේ උසස් නළධාරීන් දෙදෙනකු වන කර්නල් වැන් ඩොන්ග් සහ කර්නල් ගාඕ බින් හමුවිය. එහිදී රටේ වත්මන් දේශපාලන තත්වයත් පක්ෂ අතර සහයෝගිතාවය පිලිබඳවත් කරුණු සාකච්චා විය.
අද තවත් අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතයි.
අද (23) නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරියේදී පෙර අවස්ථා දෙකකදි අමාත්‍යවරුන් 13 දෙනෙකු දිවුරුම්දී තිබුණා. දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව 25 දෙනෙකුට සීමා වන බවයි.
යළි ජාතික පද්ධතියට එක් වූ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රය..
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රියව පැවති ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර අද (22) යළි ජාතික පද්ධතියට එක් කර තිබේ.මේ හේතුවෙන් හෙට රාත්‍රී වනවිට සම්පූර්ණයෙන්ම මෙගාවොට් 260ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එක්වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.
