Local News
May 19, 2022
249 views 0 secs 0

අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් හෙට සේවයට එන්න එපා – අගමැති

පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එමෙන්ම සති අන්තයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදීමෙන් ද වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා.

Local News
May 19, 2022
258 views 0 secs 0

තවත් මන්ත්‍රිවරු තිදෙනෙක් CID යට

රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Local News
May 19, 2022
267 views 0 secs 0

සහනදායී මිලට මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදෙන පුවත අසත්‍යක්- බලශක්ති ඇමති

සහනදායී මිලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදී ඇති බවට හුවමාරු වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේකිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලට ඉන්ධන ලබාදීමක් සිදු නොකරන බවයි. එසෙමවිදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් […]

Local News
May 18, 2022
259 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්…

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (21) රාත්‍රී 10.00 සිට ඉරිදා (22) උදෑසන 8.00 දක්වා කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.මීට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

Local News
May 18, 2022
261 views 0 secs 0

අද ගෑස් පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම

ඊයේ (17) සවස තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වී තිබේ. එම නිසා ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන බැවින් පෝලිම්වල නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම පවසනවා.

Local News
May 18, 2022
286 views 0 secs 0

පෙට්‍රල් නෞකාවක් අද දිවයිනට

පෙට්‍රල් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් මෙලෙස අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19) මෙරටට ළඟාවීමට නියමිතයි.

Local News
May 18, 2022
274 views 0 secs 0

අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරුන් අද අධිකරණයට

සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ පස්වරුවේබස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු ගිය බවයි.

Local News
May 16, 2022
280 views 0 secs 0

හෙට දින විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

හෙට (17) පැය 3යි ව්,0ක කාළයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

Local News
May 16, 2022
257 views 0 secs 0

ඇඳිරි නීතිය පනවන වේලාව සංශෝධනය කෙරේ..

අද (16) ඇඳිරි නීතිය පැනවෙන වේලාව නැවත සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය පනවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.