Local News
May 16, 2022
264 views 0 secs 0

ඉදිරි දින 03 ඉන්ධන පෝලිම්වල ඉන්න එපා – බලශක්ති ඇමති..

ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (15) දිනයේ ඩීසල් තොගයක් මෙරටට පැමිණි අතර ඉදිරි සති 2 තුළ ශ්‍රී ලංකාවට ඉන්දීය ණය පහසුකම යටතේ ඉන්ධන රැගත් නෞකා තුනක් පැමිණීමට නියමිත බවද ඔහු වැඩිදුටත් සඳහන් කර […]

Local News
May 16, 2022
249 views 0 secs 0

ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කරයි..

ළ්ඵ් ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බව අග්‍රමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

Local News
May 16, 2022
269 views 0 secs 0

හෙට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි..

මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව හෙට (17) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් රංජිත් සියඹලාපිටියගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා මේ වනවිට මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත්ව ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරමින් රෝහිණී කවිරත්න මෙලෙස […]

Local News
May 15, 2022
265 views 0 secs 0

ගාලු මුවදොරදී මාධ්‍ය සාකච්ඡා දෙකක්..

ගාලු මුවදොර අරගල භූමියේදී අද් (15) අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තරුණ නීතිඥවරු පිරිසක් සමඟ මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර පසුගියදා අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙහිදී ඔවුන් අදහස් දැක්වූවා. මෙම මාධ්‍ය හමුවලදී කියා සිටියේ තමන්ට ප්‍රහාර එල්ල කර පිරිස අත්අඩංගුවට ගැනීමෙන් තොරව වෙනත් පාර්ශව අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි. අන්තරේ කැඳවුම්කරු මෙහිදී ප්‍රහාර එල්ල […]

Local News
May 15, 2022
290 views 0 secs 0

අද රාත්‍රියේ ගෑස් තොගයක් දිවයිනට…

වෙළෙඳපොළේ පවතින දැඩි ගෑස් හිඟයක් මධ්‍යයේ ගෑස් තොගයක් අද රාත්‍රියේ කොළඹ වරායට පැමිණෙන අතර ගොඩබෑම වහාම ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. මෙම භාණ්ඩ තොගය ගොඩබෑමෙන් පසු වහාම බෙදා හැරීම ආරම්භ කරන ලෙස ලිට්‍රෝ සභාපතිවරයාට දන්වා ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

Local News
May 15, 2022
265 views 0 secs 0

ගෝටගෝගමේ අවශ්‍යතා සැපිරීමට කමිටුවක්..

ගාලු මුවදොර සාමකාමී අරගලයේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුවට කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පොලිසිය සහ යුද හමුදාවේ නිලධාරීන් ඇතුළත් වේ.

Local News
May 14, 2022
274 views 0 secs 0

සජිත් ප්‍රේමදාස රටවල් රැසක තානාපතිවරු හමුවෙයි…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) රටවල් රැසක තානාපතිවරු හමුවූහ. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග් ග්‍රීෆ්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා, ශ්‍රී ලංකාවේ රුමේනියා තානාපති වික්ටර් චියුජ්ඩියා ඇතුළු පිරිසක් මෙලෙස විපක්ෂ […]

Local News, Politics
May 14, 2022
270 views 0 secs 0

මන්ත්‍රීවරු 4 දෙනෙක් ආණ්ඩුවෙන් සජබෙට එක් වෙයි…

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය. රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව […]

Local News, Politics
May 14, 2022
400 views 0 secs 0

නව කැබිනට් අමාත්‍යවරු 4ක් පත් කෙරේ…

අද(14) පස්වරුවේ නව කැබිනට් අමාත්‍යවරු 04 දෙනෙකු ජනාධිපති මන්දිරයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනුව, විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්. පීරිස් මහතා ද, විදුලිබල හා බලශක්ති ඇමති ලෙස කංචන විජේසේකර මහතා ද, නාගරික සංවර්ධන හා නිවාස ඇමති ලෙස ප්‍රසන්න රණතුංග මහතා ද, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන […]