Local News
May 12, 2022
256 views 0 secs 0

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට විදෙස් ගමන් තහනමක්…

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් පිළිගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ.

Local News
May 12, 2022
267 views 0 secs 0

කොළඹ මහල් නිවාස වලට ගෑස් බෙදාහැරේ..

අද (12) පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සඳහා ගෑස් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එමෙන්ම වාණිජ කටයුතු සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බව ද එම සමාගම සඳහන් කළා. කෙසේ නමුත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අද දිනයේ දිගු ගෑස් පොලිම් පැවති බව වාර්තා වෙනවා.

Local News
May 12, 2022
257 views 0 secs 0

ගෝඨාගෝගම පුරවැසි අරගලය අද 34 වන දිනටත් පවත්වයි

අද 34 වන දිනයටත් රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර ආරම්භ කළ මහජන අරගලය පැවැත්වෙනවා.ඇඳිරිනීතිය පනවා තිබුනද විශාල පිරිසක් ගාලුමුවදොර විරෝධතාවට එක්ව සිටි අතර කලාකරුවන් ,සිවින් ක්‍රියාකාරීන්ද ,ආගමික නායකයින් ,නීතීඥයින් ද එක්ව සිටියා.

Local News
May 11, 2022
242 views 0 secs 0

ඇඳිරිනීතිය හෙට ඉවත් කරයි..

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7.00 ට ඉවත්කර හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Local News
May 11, 2022
235 views 0 secs 0

හරීන් සජබෙන් ඉවත් වීමට තීරණයක්..

තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා. රටට ඉක්මනින් රජයක් අවශ්‍ය අතර එය ප්‍රමාද කළ නොහැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රමාද කරන්නේ නම් තමන් ස්වාධීන වී රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන බවයි ඔහු වැඩිදුටත් සඳහන් කරන්නේ.

Local News
May 11, 2022
261 views 0 secs 0

ආරක්ෂක හේතූන් මත මහින්ද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත…

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.එමෙන්ම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Local News
May 10, 2022
290 views 0 secs 0

පොදු දේපලට අත තබන හෝ පුද්ගල හානි කරන්නන්ට වෙඩි තැබීමට අණ…

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

Local News
May 10, 2022
254 views 0 secs 0

දේශබන්දු තේන්නකෝන්ට පහර දීමක්

නවම් මාවතේදී විරෝධතාකරුවන් පිරිසකගේ පහර දීමකින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් තුවාල ලබා ඇති බව පොලීස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Local News
May 10, 2022
270 views 0 secs 0

නිතිපතිගෙන් පොලිස්පතිවරයාට ලිපියක්

නීතිපති සංජය රාජරත්නම් විසින් ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.මෙසේ ලිඛිතව දැනුම් දී ඇත්තේ පහරදීමට සම්බන්ධ පිරිස සහ හේතු සොයා බැලීමට කඩිනමින් විමර්ශන සිදු කරන ලෙසයි.සාමකාමීව විරෝධතාවල නිරත වන පිරිස් වෙත එල්ල වන ප්‍රහාර වැළැක්වීමට වගකිව යුතු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවත් එම වගකීම් පැහැර නොහැරිය […]

Local News
May 10, 2022
255 views 0 secs 0

හිටපු අගමැති අරලියගහ මන්දිරයෙන් පිටත්ව යයි.

අද අලුයම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුවය .