Local News
May 09, 2022
156 views 0 secs 0

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

සියලු තැපැල් දුම්රිය අවලංගු කෙරේ.අද දින දුම්රිය ධාවනය ගමනාන්ත දක්වා පමණයි. නැවත දැනුම්දෙනතුරු දුම්රිය ධාවනය අත්හිටුවයි – දුම්රිය සාමාන්‍යාධිකාරී

Local News
May 09, 2022
180 views 0 secs 0

අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වේ.

මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

Local News
May 09, 2022
157 views 0 secs 0

සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනව – අමරිකානු තානාපතිනි.

අමෙරිකානු තානාපතිනිය ට්විටර් පණිවිඩයක් නිතුක් කරමින් සාමකාමී විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව පවසනවා. ප්‍රචණ්ඩත්වය ඇති කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස තානාපතිනිය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

Local News
May 09, 2022
166 views 0 secs 0

ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා – ජනාධිපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසයි. ප්‍රචණ්ඩත්වය වර්තමාන ගැටලුවලට විසදුම නොවන බවත්, සංසුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ,මෙම අර්බුධය විසඳීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙස […]

Local News, Uncategorized
May 09, 2022
326 views 0 secs 0

ගෝටාගෝගමේ ගැටුම්කාරී තත්ත්වයක්..

අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල භූමියට පැමිණ එහි තිබූ ඉදිකිරීම් කඩා දමමින් පහර දීම් සිදු කළ අතර පොලීසිය පිරිස විසුරුවා හැරීමට කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. ගාලු මුවදොර ප්‍රදේශය තවදුරටත් උණුසුම්කාරී […]

Local News
May 09, 2022
160 views 0 secs 0

ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදු කරනවා – අගමැති

තමා ඕනෑම කැපකිරීමක් ජනතාව වෙනුවෙන් කරන්න සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. මේ පිළිබඳ අග්‍රමාත්‍යවරයා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කළා.

Local News
May 09, 2022
157 views 0 secs 0

ජනාධිපති ලේකම්,ආරක්ෂක ලේකම් හා පොලිස්පති අද මානව හිමිකම් කොමිසමට

අද (09) දින පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.ඒ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සඳහා ය.