Local News
May 07, 2022
302 views 0 secs 0

පෞද්ගලික බස් රථ ධාවනය සීමා වෙයි…

අද(07) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සීමා විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ ඉන්ධන හිඟය හේතුවෙනි. ලංගම සතුව ද මේ වනවිට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට ද නොහැකි වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා […]

Local News
May 07, 2022
334 views 0 secs 0

හදිසි නීතිය පැනවීමට හේතු පැහැදිලි කරන්න – මානව හිමිකම් කොමිසම

විරෝධතා බොහෝ දුරට සාමකාමී සහ සාමාන්‍ය පොලිස් මෙහෙයුම් සීමාව තුළ පැවති බැවින් හදිසි නීතිය ප්‍රකාශ කිරීමට හේතු මහජනතාවට පැහැදිලි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලා තිබේ.

Local News
May 07, 2022
329 views 10 secs 0

අද විදුලි කප්පාදු කාළසටහන…

අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව A, B,C, D, E, F, G, H, I, K, L කලාප සඳහා උදෑසන කාලයේ පැය 2 ක් ද, රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක් හා P, Q, R, S, T, U, V, W කලාප සඳහා උදෑසන කාලයේ – […]

Local News
May 06, 2022
344 views 0 secs 0

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කෙරේ..

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Local News
May 06, 2022
331 views 0 secs 0

භූමිතෙල්වලටත් සීමා පැනවේ.

ඉන්ධන පිරවුම්හලකින් දිනකට පාරිභෝගිකයෙකු සඳහා භූමිතෙල් නිකුත් කළ හැක්කේ ලීටර් 05 ක් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ ධීවර කර්මාන්තයේ නියැලී සිටින පාරිභෝගිකයින් සඳහා භූමිතෙල් නිකුත් කිරීමේදී ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වලංගු ලිපියක්ද ඉදිරිපත් කළ යුතු බවයි.

Local News
May 06, 2022
501 views 0 secs 0

රංජිත් සියඹලාපිටිය සිය ධූරයෙන් යළිත් ඉල්ලා අස්වේ.

ඊයේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධූරයෙන් යළිත් වරක් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේසිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.

Local News
May 06, 2022
366 views 0 secs 0

පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට හා වෘත්තීය සමිති එකතුවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

Local News
May 06, 2022
376 views 0 secs 0

බංගලාදේශයෙන් ඖෂධ පරිත්‍යාගයක්…

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියා. එම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් ක් වන අතර සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය ඩකා නුවරදී පැත්වීමට නියමිතව තිබෙනවා.

Local News
May 06, 2022
325 views 0 secs 0

රට පුරා ක්‍රියාත්මක වන හර්තාල්..

අද (06) රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික මෙන්ම වතු, ගොවි, ධීවර හා බහුජන සංවිධාන වල සහයෝගය ඇතිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන බව වෘත්තීය සමිති සංගම් පවසනවා. මෙහි අරමුණ ජනතා මතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීම ගැන විරෝධය පළ කිරීමයි. ඒ අනුව ගුරු විදුහල්පතිවරුන්, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවහාන […]