අරලියගහ මන්දිරය අසල අද උණුසුම් තත්ත්වයක්
හතරවන දිනටත් මයිනාගෝගම නමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන යන විරෝධතාවය ක්‍රියාත්මක වුණා . පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. එයට හේතුව පොලිසිය විසින් සටන් පාඨ පුවරු ඉවත් කිරීමට යෑමයි. එම විරෝධතාවේ සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් පාර පහර දී ඇති බැවින් එම පුද්ගලයා ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කෙරුණා
කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි..
අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය වයස අවුරුදු 47 වූ ඈ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහා රසික හදවත් තුළ ලැඟුම් ගත්තේය. 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැගී එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.
ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12කට නිවේදනයක්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.Bimputh Finance PLC (Bimputh)CBC Finance LTD (CBCF)Central Finance Company PLC (CF)Fintrex Finance Limited (Fintrex)HNB Finance PLC (HNBF)LB Finance PLC (LB)Mercantile Investments and Finance PLC (MIF)People’s Leasing & Finance PLC (PLC)Sarvodaya […]
ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි ඉල්ලීමක්…
සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් ඇතිවූ විට ආනයනකරුවන් මිල පහත දැමීමට අනිවාර්යයෙන් ක්‍රියාකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය මත ලක්ෂ 100 කට සාදා නිම කිරීමට සැලසුම් කරන නිවසක් […]
පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන්නැයි පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිති
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් 60 කට අධික පිරිසකගේ පවුල්වල නියෝජිත පිරිසක් උන්වහන්සේගේ ශුද්ධෝත්තමයා මුණගැසුණු අතර, උන්වහන්සේගේ අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පරිපාලනයෙන් සත්‍යය හෙළි කරන ලෙස ඉල්ලා සිටියේය. ඉතිහාසයේ දරුණුතම […]
ආණ්ඩුව ගෙදර යවන්න 120කගේ සහය තියනවා – ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක පිරිසක් වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ප්‍රකාශ කර සිටියා. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර මන්ත්‍රීවරුන් 113 හදා ගන්නාතෙක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
අන්තර්වාර පාලනයක් ඇති කිරීමට ජනපති කැමැත්ත පල කරයි…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. එමෙන්ම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසඳා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා. […]
