ඉදිරි සති කීපය තුළ ඉන්දීය ණය පහසුකම් යටතේ භාණ්ඩ ආනයනට සූදානම්…
ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්, ඒත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. ඩොලරයේ අගය ඉහළ යාම සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
අරගලේට එක් වූ අන්තරේ….
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අගමැති නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වා යළිත් ගාලුමුවදොර වෙත ගමන් ආරම්භ කළා. පා ගමන ලෝටස් පාර ඔස්සේ ගාලුමුවදොරට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු […]
දිවි තොර කරගත් මලල ක්‍රීඩිකාව….
ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරියද වේ. පොලීසිය සඳහන් කළේ, […]
අදත් රට පුර විරෝධතා ගොන්නක්
ජනාධිපතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බව මෙන්ම ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා කිහිපයක් ද දිවයින පුරා පැවැත්වුණා. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව රජයට විරෝධය පළ කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවයි. අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව කොළඹ “ගෝඨා ගෝ ගම” විරෝධතා භූමියට පැමිණි අතර, මෙම විරෝධතාවලට සහය පළ කරමින් අම්බලන්තොට […]
