ඉන්ධන අර්බුදය රජයේ නිලධාරීන්ට බලපායි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය පවසයි.සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ, අමතර දීමනා නොලැබෙන රාජ්‍ය නිලධාරීන් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වන බවයි. මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.
පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි.
පල්ලි, හෝටල්, ආපනශාලා ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කර වසර තුනක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව පුරා පල්ලි සීනු නාද වී තිබේ. ප්‍රහාරය සිදුවී දින 1095ක් ගතවී ඇතත් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැත.අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (21) වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.
රඹුක්කන සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ජනපති…
රඹුක්කන ඇතිවූ ඛේදනීය සිදුවීමෙන් සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට අරගල කිරීමට නිදහස ඇති බවත්, එම අරගල සිදු කිරීමේ දී සාමකාමීව කටයුතු කිරීමටත්, ප්‍රචණ්ඩකාරී පසුබිමකට විරෝධතා මෙහෙයවීමෙන් වළකින ලෙසත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සහ විධිමත් […]
රට පුරා උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියාත්මක වෙයි…
අද (20) සිට රට පුරා වෘත්තීය සමිති 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සහ බහුජන සේවා එකමුතුව පවසනවා. අද දිනයේ කළු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් උද්ඝෝෂණ සහ සමහර සේවාවන් වර්ජනය කිරීමක් සිදු කරන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කර සිටි අතර 28 වනදා දීප ව්‍යාප්ත […]
