Local News
April 25, 2022
287 views 0 secs 0

කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම් වෙයි…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. එම විදෙස් ගමන් තහනම රජයේ මුදල් අවභාවිත සිද්ධියක් සම්බන්ධව වන නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Local News
April 25, 2022
319 views 0 secs 0

ජනාධිපති ඉල්ලා අස් නොවුනහොත් දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සූදානමක්…

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ ඉල්ලීම පරිදි ජනාධිපති ප්‍රමුඛ සියලු දෙනාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුන්හොත් ලබන සතියේ දී දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිය.. රට මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් බසර 74ක් මේ […]

Local News
April 25, 2022
292 views 0 secs 0

අගමැති ධූරයෙන් ඉවත් වීමට සතියක කාලයක් දෙනවා – උදය ගම්මන්පිල

අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 කගේ සහය ඇති බැවින්අ ග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වීමට සතියක් කල් දෙන බව ප්‍රකාශ කර සිටියා..

Local News
April 25, 2022
298 views 1 sec 0

නැවතත් කොටස් වෙළඳපොළ තාවකාලිකව අත්හිටුවයි..

දින 05කට පසු අද(25) ගනුදෙනු ආරම්භ කළ, කොළඹ කොටස් වෙළඳපොළ S&ඵ් Sළ්20 මිල දර්ශක අගය 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ ගනුදෙනු කටයුතු යළි තාවකාලිකව අත්හිටුවා තිබේ.

Local News
April 25, 2022
314 views 0 secs 0

ඉදිරි සති කීපය තුළ ඉන්දීය ණය පහසුකම් යටතේ භාණ්ඩ ආනයනට සූදානම්…

ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්, ඒත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. ඩොලරයේ අගය ඉහළ යාම සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Local News
April 25, 2022
308 views 0 secs 0

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරු 5:00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Local News
April 25, 2022
290 views 0 secs 0

ගුරුවරුන් වැඩ වර්ජනයක…

රටේ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

Local News
April 24, 2022
331 views 0 secs 0

අරගලේට එක් වූ අන්තරේ….

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අගමැති නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පවත්වා යළිත් ගාලුමුවදොර වෙත ගමන් ආරම්භ කළා. පා ගමන ලෝටස් පාර ඔස්සේ ගාලුමුවදොරට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් පොලීසිය විසින් එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු […]

Local News
April 24, 2022
317 views 0 secs 0

විරෝධතා පුවරුවක් වූ අග්මැති නිවසේ තාප්පය…

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) විජේරාමයේ පිහිටි අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහිදී විරෝධතාවයේ නිරත පිරිස අගමැති නිවසේ තාප්පයේ විවිධ සටන් පාඨ සටහන් කරමින් එය විරෝධතා පුවරුවක් බවට පත්කර තිබුණා.