Local News
April 19, 2022
236 views 2 secs 0

සිපෙට්කෝ තෙල් මිලත් ඉහලට….

සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන අතර නව මිල ගණන් මෙසේයි. 92 පෙට්‍රල් ලීටරයක් – රු. 338 95 පෙට්‍රල් ලීටරයක් – රු. 373 ඔටෝ ඩීසල් ලීටරයක් – රු. 289 සුපර් ඩීසල් ලීටරයක් – රු. 329

Local News
April 18, 2022
243 views 0 secs 0

අද සිට මුහුණු ආවරණ අනිවාර්ය නොවේ…

අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Local News
April 18, 2022
325 views 0 secs 0

සාමාන්‍ය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම හෙට සිට…

අලුත් අවුරුද්ද හේතුවෙන් වසා දමා තිබූ කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කෙරූ අතර අද දිනයේ සාමාන්‍ය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් නොකරෙන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය. එම සමාගම පැවසුවේ තමන් සතුව ඉතිරිව ඇති තොග වාණිජමය කටයුතු සඳහා පමණක් අද දිනයේ නිකුත් කළ බවයි. අද දිනයේ ගෑස් තොගයක් සහිත නෞකාවක් දිවයිනට පැමිණෙන […]

Local News, Politics
April 18, 2022
348 views 0 secs 0

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි..

අද (18) පෙරවරුවේ අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබෙනවා. අදාළ කැබිනට් මණ්ඩලය පහතින්,

Local News
April 17, 2022
245 views 0 secs 0

IOC ඉන්ධන මිල තවත් ඉහලට…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35ක් හා සියලුම වර්ග වල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින්ද ඉහල දමා ඇති බව IOC සමාගම ප්‍රකාශ කර සිටියා.

Local News
April 17, 2022
235 views 0 secs 0

යුක්තිය සොයා කොළඹ සැරිසැරූ මළවුන්…

අද (17) පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මළවුන්ගේ වේශයෙන් පිරිසක් විසින් නිහඬ විරෝධයක් කොළඹදී පැවැත්වුණු ඇතර ඔවුන් කොළඹ කොටුවේ සිට පාගමනින් ගාළු මුවදොර දක්වා පැමිණෙමින් සිය නිහඬ විරෝධය ප්‍රකාශ කළා.

Local News
April 17, 2022
240 views 0 secs 0

හෙටින් ඇරඹෙන පාසල්…

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල්වාරය හෙට (18) ආරම්භ වීමට නියමිත අතර මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Local News, Politics
April 17, 2022
283 views 0 secs 0

ඇමතිකම් එපා කිවූ ඩලස්….

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් ස්ථාපිත කිරීම තමාගේ විශ්වාසය බවයි ඔහු සඳහන් කරන්නේ. කෙසේ නමුත් ඔහු Twitter පණිවිඩයක් නිකුත් කරමින් තරුණයින්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයට තමන් සුබ පතන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Local News
April 16, 2022
273 views 0 secs 0

ගෝඨාගෝගමේදී ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානයක්

විදෙස් මාධ්‍යවේදීන්ට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ගාලුමුවදොර “ගෝඨාගොගම” විරෝධතා භූමියේදී විවෘත කෙරේ.