Business, Local News
April 16, 2022
323 views 0 secs 0

කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වසයි.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින 5ක් තාවකාලිකව වසා තබන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝග කර තිබේ.

Local News
April 16, 2022
315 views 1 sec 0

ගාලුමුවදොර තිබූ පොලිස් ට්‍රක් රථ ඉවත් කරයි.

ගාලුමුවදොර විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් රටට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන බවයි.“මේ රටේ ජනතාවගේ සාමකාමී විරෝධතාවයක් කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් පිළිබඳව BASL දැඩි සැලකිල්ලක් දක්වයි. එවැනි ඕනෑම උත්සාහයක් රටට, […]

Local News
April 16, 2022
431 views 0 secs 0

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි…

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එහි, අභ්‍යන්තර පීඩනයන්ට මුහුණ දෙමින් මෙතෙක් තනතුරේ රැඳී සිටියේ ගෑස් අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සැපයුම් ජාලය පවත්වා ගැනීම සඳහා පමණයක් බව සඳහන් කර ඇත.. අදාළ ලිපිය […]

Local News
April 15, 2022
380 views 0 secs 0

අද දිනයෙත් විදුලි කප්පාදු නැහැ…

මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.හෙට (16) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතය.

Local News
April 14, 2022
354 views 0 secs 0

දුමින්ද පෙරේරා මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා මහතා අද (14) මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් […]

Local News
April 14, 2022
315 views 2 secs 0

ෆිච් රේටින්ස් තුළ ලංකාව තව දුරටත් පහළ මට්ටමට…

ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා තිබේ. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ‘CC’ මට්ටමේ සිට ‘C’ මට්ටම දක්වා පහත දමා ඇතැයි, ෆිච් රේටින්ස් ආයතන වෙබ් අඩවිය වාර්තා කළේ ය.

Local News
April 14, 2022
352 views 0 secs 0

IMF සමඟ සාකච්ඡා ඇරඹීමට තීරණයක්…

ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා අප්‍රේල් 18 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍ය අලී සබ්රි මහතා ප්‍රකාශ කර සිටියා.

Local News
April 13, 2022
314 views 0 secs 0

අගමැතිගේ සාකච්ඡාව පිළිබඳ විරෝධතාකරුවන් ලිපියක් ලියයි

කොන්දේසි දෙකක් සපුරාලන තුරු තමන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.විරෝධතාවට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ලිපියට අනුව ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවේ සිටින සියලුම රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට ඉල්ලා අස්විය යුතු බව බලකර තිබේ. තම ප්‍රධාන ඉල්ලීම් […]

Local News
April 13, 2022
336 views 0 secs 0

ලිට්‍රෝ සේවකයින් නිවාඩු යයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ලිට්‍රෝ ආයතනයේ සේවකයන්ට අද (13) සිට ලබන සඳුදා දක්වා නිවාඩු ලබාදී තිබේ. ඒ අනුව අද (13) දින කෙරලවලපිටිය ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානය පාළුවට ගොස් තිබිණි.කෙසේ වෙතත්, අලුත් අවුරුදු උදාවේදී උදුනක් දැල්වීම සඳහා ඉවුම් පිහුම් ගෑස් මිලදී ගැනීමට ජනතාව තවමත් රට පුරා ස්ථාන කිහිපයක පෝලිමේ රැඳී සිටිනු දැකිය හැකිය.

Local News
April 13, 2022
345 views 0 secs 0

මහජනතාවගෙන් මූලික ඉල්ලීම් 5 ක් ….

දින 5ක් පුරාවට ගාලු මුවදොර සාමකාමී මහජන විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ මහජනතාවගේ මූලික ඉල්ලීම් 5 ක් ඇතුළත් බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර මෙම ඉල්ලීම් දිනාගන්නා තුරු අරගලය අත්හැරීමේ සූදානමක් නොමැති බවද එහි දක්වා තිබෙනවා. එම ඉල්ලීම් පහතින්. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඉවත් විය යුතුයි. රාජපක්ෂ පවුලේ කිසිවෙකුට පාර්ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදිය යුතුයි. 19 වන සංශෝධනය නැවත බලාත්මක […]