Local News, Politics
April 20, 2022
269 views 0 secs 0

ආණ්ඩුවට සහය අඩු වෙයි…

මෙතෙක් ආණ්ඩුවට සහය ලබා දුන් ඉෂාක් රහුමාන්, එම්.එෆ් තවුෆික් , ෆයිසිල් ක්වාසිම් යන මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

Local News
April 20, 2022
269 views 0 secs 0

රට පුරා උද්ඝෝෂණ හා වැඩ වර්ජන ක්‍රියාත්මක වෙයි…

අද (20) සිට රට පුරා වෘත්තීය සමිති 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සහ බහුජන සේවා එකමුතුව පවසනවා. අද දිනයේ කළු දිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් උද්ඝෝෂණ සහ සමහර සේවාවන් වර්ජනය කිරීමක් සිදු කරන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කර සිටි අතර 28 වනදා දීප ව්‍යාප්ත […]

Local News
April 20, 2022
275 views 0 secs 0

අද සිට බස් ගාස්තුව වැඩි වේ.

අද (20) සිට සියයට 35 ක බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති නව බස් ගාස්තු ඇතුළත් මිල සටහනක් පහත වේ. මෙතෙක් රුපියල් 20 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා ඉහළට ගොස් ඇත.

Local News
April 20, 2022
250 views 0 secs 0

රඹුක්කන මියගිය පුද්ගයා අරගලය මැද සිහිකල හැටි….

ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් ඊයේ (19) පස්වරුවේ මිය ගිය පුද්ගලයා සිහි කරමින් ඊයේ කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන අරගල භූමියේදී මහජනතාව ඉටිපහන් දල්වා නිහඬ විරෝධතාවයක නිරත වුණා.

Local News, Uncategorized
April 20, 2022
255 views 0 secs 0

රඹුක්කනට ඇඳිරි නීතිය පනවයි…

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (19) උදෑසන සිට රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට සැත්කමකට ලක් කරමින් සිටින බවයි […]

Local News
April 19, 2022
257 views 0 secs 0

ත්‍රස්තවාදී සහරාන්ගේ SUV රථය භාවිත කරන බවට එල්ල වන ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ප්‍රතිචාර දක්වයි

2019 පාස්කු ප්‍රහාරයේ නායක සහරාන් හෂීම්ගේ සුඛෝපභෝගී වාහනය තමා භාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැහැදිලි කළේ තමන් එවැනි කිසිදු වාහනයක් භාවිත නොකළ බවයි.විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමෙන් අනතුරුව […]

Local News
April 19, 2022
309 views 0 secs 0

පාන් මිල ඉහළට

“ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 ක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් වැඩි කරයි. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 140/=කි

Local News
April 19, 2022
262 views 2 secs 0

පාස්කු ප්‍රහාරකයාගේ වාහනය පොලිස් විශේෂ කාර්ය බළකායට

සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියා භාවිත කළ බව කියන වාහනය රාජ්‍ය භාරයට ගැනීමෙන් පසු එය පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත කළ බව ශ්‍රී ලංකාවේ හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර අඟහරුවාදා (19) පැවසීය.හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා භාවිතා කරන්නේ NTJ හි සහරාන් හෂීම් විසින් මුලින් භාවිතා කළ Land Cruiser බව මාධ්‍යවේදියෙකු විසින් කරන […]

Local News
April 19, 2022
412 views 2 secs 0

තිරිගු පිටි මිල ඉහළට

Prima Ceylon (Pvt) Limited සිය තිරිඟු පිටි නිෂ්පාදනයේ මිල ඉහළ නංවන බව නිවේදනය කර ඇත.තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති බව එම සමාගම පවසයි.මෙම මිල වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වන බවයි ප්‍රීමා සමාගම වැඩිදුරටත් කියා සිටියේ.