සාමාන්‍ය වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම හෙට සිට…
අලුත් අවුරුද්ද හේතුවෙන් වසා දමා තිබූ කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කෙරූ අතර අද දිනයේ සාමාන්‍ය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් නොකරෙන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය. එම සමාගම පැවසුවේ තමන් සතුව ඉතිරිව ඇති තොග වාණිජමය කටයුතු සඳහා පමණක් අද දිනයේ නිකුත් කළ බවයි. අද දිනයේ ගෑස් තොගයක් සහිත නෞකාවක් දිවයිනට පැමිණෙන […]
ඇමතිකම් එපා කිවූ ඩලස්….
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක් ස්ථාපිත කිරීම තමාගේ විශ්වාසය බවයි ඔහු සඳහන් කරන්නේ. කෙසේ නමුත් ඔහු Twitter පණිවිඩයක් නිකුත් කරමින් තරුණයින්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයට තමන් සුබ පතන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ගාලුමුවදොර තිබූ පොලිස් ට්‍රක් රථ ඉවත් කරයි.
ගාලුමුවදොර විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් රටට බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන බවයි.“මේ රටේ ජනතාවගේ සාමකාමී විරෝධතාවයක් කුමන ආකාරයකින් කඩාකප්පල් කිරීමට දරන ඕනෑම උත්සාහයක් පිළිබඳව BASL දැඩි සැලකිල්ලක් දක්වයි. එවැනි ඕනෑම උත්සාහයක් රටට, […]
