Local News, Sports
April 24, 2022
408 views 0 secs 0

දිවි තොර කරගත් මලල ක්‍රීඩිකාව….

ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර් 400 කඩුලු මතින් දීවිමේ තරග ඉසව් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් රැසක් දිනාගෙන ඇති අතර ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරියද වේ. පොලීසිය සඳහන් කළේ, […]

Local News
April 22, 2022
259 views 0 secs 0

අදත් රට පුර විරෝධතා ගොන්නක්

ජනාධිපතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බව මෙන්ම ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා කිහිපයක් ද දිවයින පුරා පැවැත්වුණා. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව රජයට විරෝධය පළ කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්විය යුතු බවයි. අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව කොළඹ “ගෝඨා ගෝ ගම” විරෝධතා භූමියට පැමිණි අතර, මෙම විරෝධතාවලට සහය පළ කරමින් අම්බලන්තොට […]

Local News
April 22, 2022
306 views 0 secs 0

ගෑස් සිලින්ඩරයක මිල ඉහළට

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Local News
April 21, 2022
239 views 0 secs 0

අද පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්

අද (21) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා.මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තීරණය කිරීම සදහායි. .

Local News
April 21, 2022
233 views 0 secs 0

රඹුක්කනට පැනවු පොලිස් ඇඳිරි නීතිය ඉවතට

අද (21) උදෑසන 5.00 ට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ බව පොලීසිය පවසනවා. රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ඇඳිරි නීතිය පැනවීමට හේතුව විය.

Local News
April 21, 2022
260 views 0 secs 0

ඉන්ධන අර්බුදය රජයේ නිලධාරීන්ට බලපායි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය පවසයි.සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ, අමතර දීමනා නොලැබෙන රාජ්‍ය නිලධාරීන් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වන බවයි. මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

Local News
April 21, 2022
284 views 0 secs 0

පාස්කු ප්‍රහාරයට අදට වසර 3යි.

පල්ලි, හෝටල්, ආපනශාලා ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කර වසර තුනක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව පුරා පල්ලි සීනු නාද වී තිබේ. ප්‍රහාරය සිදුවී දින 1095ක් ගතවී ඇතත් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැත.අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (21) වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුණි.

Local News
April 20, 2022
263 views 0 secs 0

රඹුක්කන සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ජනපති…

රඹුක්කන ඇතිවූ ඛේදනීය සිදුවීමෙන් සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට අරගල කිරීමට නිදහස ඇති බවත්, එම අරගල සිදු කිරීමේ දී සාමකාමීව කටයුතු කිරීමටත්, ප්‍රචණ්ඩකාරී පසුබිමකට විරෝධතා මෙහෙයවීමෙන් වළකින ලෙසත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සහ විධිමත් […]