Local News
April 28, 2022
184 views 0 secs 0

කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Local News
April 28, 2022
279 views 0 secs 0

රංගන ශිල්පිනී අනූෂා සොනාලි අභාවප්‍රාප්ත වෙයි..

අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය වයස අවුරුදු 47 වූ ඈ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහා රසික හදවත් තුළ ලැඟුම් ගත්තේය. 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැගී එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.

Local News
April 27, 2022
214 views 26 secs 0

ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12කට නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.Bimputh Finance PLC (Bimputh)CBC Finance LTD (CBCF)Central Finance Company PLC (CF)Fintrex Finance Limited (Fintrex)HNB Finance PLC (HNBF)LB Finance PLC (LB)Mercantile Investments and Finance PLC (MIF)People’s Leasing & Finance PLC (PLC)Sarvodaya […]

Local News
April 27, 2022
239 views 0 secs 0

ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි ඉල්ලීමක්…

සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිෂ්පාදන අලෙවි නොවන තත්ත්වයක් ඇතිවූ විට ආනයනකරුවන් මිල පහත දැමීමට අනිවාර්යයෙන් ක්‍රියාකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය මත ලක්ෂ 100 කට සාදා නිම කිරීමට සැලසුම් කරන නිවසක් […]

Local News, Politics
April 27, 2022
180 views 0 secs 0

අලී සබ්රිට තවත් අමාත්‍ය ධූරයක්..

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා ලෙස ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී තිබෙනවා.

Local News
April 26, 2022
172 views 0 secs 0

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන්නැයි පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිති

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (25) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් 60 කට අධික පිරිසකගේ පවුල්වල නියෝජිත පිරිසක් උන්වහන්සේගේ ශුද්ධෝත්තමයා මුණගැසුණු අතර, උන්වහන්සේගේ අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පරිපාලනයෙන් සත්‍යය හෙළි කරන ලෙස ඉල්ලා සිටියේය. ඉතිහාසයේ දරුණුතම […]

Local News, Politics
April 25, 2022
191 views 0 secs 0

ආණ්ඩුව ගෙදර යවන්න 120කගේ සහය තියනවා – ගම්මන්පිල

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක පිරිසක් වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ප්‍රකාශ කර සිටියා. විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට පෙර මන්ත්‍රීවරුන් 113 හදා ගන්නාතෙක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Local News
April 25, 2022
171 views 0 secs 0

අන්තර්වාර පාලනයක් ඇති කිරීමට ජනපති කැමැත්ත පල කරයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් වෙත ලිපියක් යොමුකරමින් අන්තර්වාර පාලනයක් ඇති කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. එමෙන්ම ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් විසඳා මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට කටයුතු කරන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මහනාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා. […]

Local News
April 25, 2022
173 views 0 secs 0

කබ්‍රාල්ගේ විදෙස් ගමන් තහනම් වෙයි…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ. එම විදෙස් ගමන් තහනම රජයේ මුදල් අවභාවිත සිද්ධියක් සම්බන්ධව වන නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

Local News
April 25, 2022
186 views 0 secs 0

ජනාධිපති ඉල්ලා අස් නොවුනහොත් දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සූදානමක්…

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ගේ ඉල්ලීම පරිදි ජනාධිපති ප්‍රමුඛ සියලු දෙනාම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොවුන්හොත් ලබන සතියේ දී දීප ව්‍යාප්තව බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කර සිටිය.. රට මෙවැනි තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් බසර 74ක් මේ […]