Local News
April 08, 2022
163 views 0 secs 0

IMF පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී

පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතයි.ඊට අදාළ යෝජනාව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි.

Local News
April 06, 2022
167 views 0 secs 0

වත්මන් ණය අර්බුදයට පිළියම් සෙවීමට ජනාධිපති උපදේශක කණ්ඩායමක්…

ජනපති විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Local News
April 06, 2022
204 views 0 secs 0

මීළඟ ජනපති ගැන හරීන් ප්‍රනාන්දුගෙන් යෝජනාවක්…

රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා ජනපති ධුරයට පත් කිරීම සුදුසු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (06) ප්‍රකාශ කර සිටියා. පාර්ලිමේන්තුව අමතමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, හර්ෂ ද සිල්වා ආර්ථික විශේෂඥයෙක් බවත් ඔහු රටේ වත්මන් තත්වය සඳහා මාවතක් ගොඩ නගනු ඇති බව සඳහන් කර සිටියා. එමෙන්ම […]

Local News
April 06, 2022
176 views 0 secs 0

හදිසි නීතිය ඉවතට…

ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට පසුගිය 01 වැනිදා පැන වූ හදිසි නීති රෙගුලාසි ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ඉවත් කෙරිණි.

Local News, Politics
April 06, 2022
230 views 0 secs 0

පාර්ලිමේන්තු සභාවේ කටයුතු සුළු මොහොතකට අත්හිටුවයි…

අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.එමෙන්ම පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වීමක් සිදු […]

Local News
April 06, 2022
181 views 0 secs 0

පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කරයි…

අධ්‍යාපන අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 18 වන දින සිට නව පාසල් වාරය සඳහා පමණක් පාසල් පැවැත්වෙන වේලාව දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. පළමු පාසල් වාරයේ මගහැරුණු පැය ගණන ආවරණය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Local News, Politics
April 05, 2022
198 views 0 secs 0

පර්ලිමේන්තු සැසිවාරය හෙටට කල් දැමේ…

අද (5) උදෑසන 10 ට ආරම්භ කෙරුණු පාර්ලිමේන්තු කටයුතු අද පස්වරු 2.15 ට පමණ අවසන් කල අතර නැවත හෙට (06) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබිණ. පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ලෙස පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කල අතර නමුත් ආණ්ඩු පක්ෂය ඊට එකඟතාව පළ නොකළේ ය. […]

Local News
April 05, 2022
179 views 0 secs 0

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන්ට දැඩි දඬුවම්…

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විශේෂ ප්‍රකාශයක් කරමින්, උද්ඝෝෂණවලදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වන සියලු පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පෙන්වා දුන්නා. නිරීක්ෂණ වාර්තා අනුව කණ්ඩායම් දෙකක් විරෝධතා සිදු කර ඇති බවට පෙනී ගොස් ඇති බවත්, ඉන් එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණ පවත්වාගෙන යනු ලබන අතර අනෙක් පිරිස හිතාමතාම රජයේ පොදු […]

Local News
April 05, 2022
195 views 0 secs 0

අලී සබ්රි ඉල්ලා අස් වෙයි..

ඊයේ (04) මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළ අලී සබ්රි වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ. අදාළ ලිපිය පහතින්,

Local News, Politics
April 04, 2022
213 views 0 secs 0

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණයක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සඳහන් කළේ. එමෙන්ම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.