Local News
April 05, 2022
323 views 0 secs 0

අලී සබ්රි ඉල්ලා අස් වෙයි..

ඊයේ (04) මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළ අලී සබ්රි වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ. අදාළ ලිපිය පහතින්,

Local News, Politics
April 04, 2022
328 views 0 secs 0

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙයි..

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණයක් ගත් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සඳහන් කළේ. එමෙන්ම පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

Local News
April 04, 2022
313 views 0 secs 0

කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස ඉදිරිපිටත් විරෝධතා…

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මහනුවර පිහිටි නිවස ඉදිරිපිටද පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් පවත්වා තිබෙන අතර එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Local News
April 04, 2022
299 views 0 secs 0

ගාමිණී ලොකුගේගේ නිවස අසළ විරෝධතාවයක් උත්සන්න වෙයි

හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල නිවස අසළ රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් හිටපු බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේගේ නිවස ඉදිරිපිට පැවැත් වූ අතර මෙම විරෝධතාවය උත්සන්න වී නිවස අසළ තිබූ විශාල ගබඩාවකට විරෝධතාකරුවන් ගිනි තබා ඇති බව වාර්තා වේ.

Local News
April 04, 2022
326 views 0 secs 0

කාල්ටන් නිවස අසල විරෝධතාවයක්…

තංගල්ලේ පිහිටි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසට පිවිසෙන මාර්ගය ඉදිරිපිට මේ වන විට මහජන විරෝධතාවක් පැවැත්වෙන අතර එම මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර, දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

Local News, Politics
April 04, 2022
328 views 0 secs 0

නව අමාත්‍යවරු පත් කෙරේ.

ඉරිදා (3) රාත්‍රියේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය : මහාචාර්ය ජී.එල්. පීරිස්මුදල් අමාත්‍ය : අලි සබ්රි, ජනාධිපති නීතිඥඅධ්‍යාපන අමාත්‍ය : දිනේෂ් ගුණවර්ධනමහාමාර්ග අමාත්‍ය : ජොන්ස්ටන් ප්‍රනාන්දු අඟහරුවාදා (5) පාර්ලිමේන්තු සැසිවාරය පවත්වාගෙන යාම සඳහා සභානායකවරයෙකුගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයෙකුගේ අවශ්‍යතාවය මත ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ […]

Local News, Politics
April 04, 2022
296 views 0 secs 0

අමාත්‍ය ධුර පිළිගෙන ජාතික අර්බුදය විසඳීමට සහය වන්න – ජනපති

අමාත්‍ය ධුර පිළිගෙන ජාතික අර්බුදය විසඳීමට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී.

Local News
April 04, 2022
289 views 0 secs 0

කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස් වීම පිළිගන්න බැරිද..?

කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් ඉල්ල අස්වී ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (03) ප්‍රකාශ කළ අතර අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හට නම් එය කිසිසේත්ම ඉල්ලා අස්වීමක් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍යවරයෙකු සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය භාරදිය යුත්තේ අගමැතිවරයා වෙත නොව […]