සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබවාදී ප්‍රතිචාරයක් – විමල්
සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , ටිරාන් අලස් හා වාසුදේව නානායක්කාර සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම හමුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා පැවසීය.
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් සඳුදා (4) ලංකාවට
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් සඳුදා (4) දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ නිවේදනය කළේය. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසුවේ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.ලිට්‍රෝ සභාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැරදි කරන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු අදාළ ප්‍රදේශයේ පොලිසියට හෝ 1311 අමතන ලෙසට දැනුම් […]
වැඩි මිලට ලිට්‍රො ගෑස් අලෙවි කරන්නන් ගැන දැනුවත් කරන්න..
ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ලිට්‍රෝ සමාගම වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී. 12.5 සිලින්ඩරයක මිල රු. 2675 වන අතර මෙම ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණක් ගෑස් මිලදී ගන්නැයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටියා. වැඩි මිල ගණන් යටතේ […]
සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකිකයන්ට අයිතියක් තිබේ – ජුලි චෑන්ග්
රට තුළ පවතින තත්වයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග්, සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇහි බව අවධාරණය කර සිටියා.ඇය පෙන්වා දුන්නේ – ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවය. පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බවත්, ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන අතර, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන […]
