Local News
June 19, 2022
284 views 0 secs 0

හෙට සිට උදෑසන විදුලි කප්පාදු නැහැ..

හෙට(20) සිට පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර සිටියා. ඒ පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු හේතුවෙනි. ඒ අනුව හෙට(20) සිට දහවල් 12.00ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ දක්වා පැය 02 යි විනාඩි 30ක දෛනික විදුලිය කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම(PUCSL) ප්‍රකාශ කර සිටියා.

Local News
June 16, 2022
330 views 0 secs 0

ඉන්දීය ණය පහසුකම් යටතේ අවසන් ඩීසල් නෞකාව අද දිවයිනට..

අද (16) ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ නමුත් අද පැමිණෙන නෞකාවෙන් පසු නැවතත් ඉන්ධන නැවක් පැමිණෙන දිනයක් නිශ්චිතව සඳහන් නොවන අතර […]

Local News
June 16, 2022
320 views 0 secs 0

දුම්රිය ධාවනයත් අඩාල වෙයිද..?

එන්ජින් ඔයිල් නොමැති වීමෙන් ඉදිරියේදී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත්, දැනට පවතින එන්ජිල් ඔයිල් ප්‍රමාණය තවත් මාස 02 ක් සඳහා පමණක් ප්‍රමාණවත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. එන්ජින් ඔයිල් ගෙන්විම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර මෙම තත්ත්වය තුළ දැනට ධාවනය කරන දුම්රියවලින් කොටසක් ධාවනයෙන් ඉවත් […]

Local News
June 15, 2022
288 views 0 secs 0

දුම්රිය ඇතුළත අධික මඟී තදබදයක්…

රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමඟ ජනතාව ගමනාගමනය සඳහා දුම්රිය සේවාව තොරා ගැනීම හේතුවෙන් අද (15) දිනයේ කාර්යාල දුම්රිය රැසක් මගීන්ගෙන් පිරීගොස් තිබූ ආකාරය දැක ගන්නට ලැබුණි. මේ හේතුවෙන් දුම්රිය ඇතුළත අධික තදබදයක්ද හටගෙන ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වුවද අද දිනයේ සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් […]

Local News
June 15, 2022
301 views 0 secs 0

අද සිට ක්‍රියාත්මක වන Park & Ride

අද (15) සිට ඉන්ධන ගැටලූවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලූවන රථ වාහන අවම කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා. නිවසේ සිට පැමිණෙන ජනතාවට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද ප්‍රදේශවල ස්ථාපිත ආරක්ෂිත රථගාල්වල සිය රථ වාහන ගාල් කර සුඛෝපබෝගී බස්රථ මගින් කොළඹ නගරයට පැමිණිය හැකි බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව උදෑසන 6.30 සිට 8.00 දක්වා මාකුඹුර, කඩවත […]

Local News
June 14, 2022
327 views 0 secs 0

වත්තල වෙඩි තැබීමක්

වත්තල – ඇලකන්ද ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති බව ය.පහරකෑමට ලක්වූ පුද්ගලයා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

Local News
June 14, 2022
287 views 0 secs 0

ගෑස් නෞකාව ගෙවීම් සිදු කරයි.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් අඩංගු මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති නෞකාව සඳහා අදාළ ගෙවීම් මේ වන විට සිදුකර තිබෙනවා. ලිට්‍රෝ සමාගම සඳහන් කළේ අද (14) දිනයේ සිට ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවයි.මෙම නෞකාව , ඩොලර් මිලියන 2.5 ක මුදලක් ගෙවීමට නොහැකිව දින 6 ක කාලයක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ අදාළ නැංගුරම්ලා තිබුණා.

Local News
June 14, 2022
290 views 0 secs 0

සතොස හා සමූපකාර හරහා සහල් අලෙවිය කිරීමට පියවර

වී අලෙවි මණ්ඩලය සතු සහල් තොග සතොස, සමුපකාර, සහ සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍ය අමරවීර මහතා පැවසුවේ, ඉහත කී ආයතන හරහා විකිණීමට ඇති සහල් තොග බෙදා හැරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි.

Local News
June 14, 2022
271 views 0 secs 0

අද බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට නිදහස

බන්ධනාගාර රැඳවියන් 173 දෙනෙකුට පොසොන් පොහොය නිමිත්තෙන් නිදහස ලබාදීමට නියමිතව තිබෙනවා.අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි.