Local News, Politics
June 23, 2022
381 views 3 secs 0

ජනතාවට තමන්ගේ බරත් පාලකයින්ගේ බරත් දෙකම කර තියාගෙන යන්න වෙලා – විපක්ෂ නායක සජිත්

අද ජනතාවට සිදුව තිබෙන්නේ තම තමන්ගේ බරත් රට විනාස කරන දේශපාලඥයින්ගේ බරත් යන දෙකම කරට ගනීමට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ  සංකල්පය මත ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම,  නාගොඩ  මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද ” චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීමේ […]

Local News
June 23, 2022
320 views 0 secs 0

ඉන්ධන නෞකාව ප්‍රමාද වෙයි…

අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඒ අනුව අද (23) සහ හෙට (24) සීමිතව පෙට්‍රල් බෙදා හැරෙනු ඇති බවයි. එමෙන්ම ඔටෝ ඩීසල් රට පුරා පූර්ණ ධාරිතාවයෙන් […]

Local News
June 23, 2022
336 views 0 secs 0

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහලට..

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළ ගොස් තිබේ.බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 111 යි සත 74 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 106 යි සත 19 කට අලෙවි වේ.

Local News, Politics
June 23, 2022
421 views 1 sec 0

ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ශෙන්ග් හොන්ග් (Qඉ-Zහෙන්හොන්ග්) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා අතර හමුවක් අද දින (22) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදු විය. මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය, අර්බුදකාරී තත්වයෙන් මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග […]

Local News
June 23, 2022
329 views 0 secs 0

රුසියානු ජනාධිපති පුටින්ගෙන් හිටපු ජනපති මෛත්‍රීට ලිපියක් …

ඇඑරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී. ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත්, එසේ වුවහොත් […]

Local News, Politics
June 22, 2022
387 views 0 secs 0

ධමිම්ක පෙරේරා අද පාර්ලිමේන්තුවේ දිව්රුම් දෙයි..

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දීමට නියමියි. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහා ධම්මික පෙරේරා මහතා පසුගිය දා නම් කෙරිණ. මේ අතර ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ […]

Local News
June 21, 2022
337 views 0 secs 0

මැනිං වෙළෙඳපොළේ වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට..

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ ඇ ප්‍රදීප් නොහොත් සානා නමැති අයෙකු බවයි පොලීසිය සඳහන් කර සිටියා.

Local News
June 21, 2022
321 views 0 secs 0

විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණයක්..

විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, තම පක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

Local News, Politics
June 21, 2022
339 views 0 secs 0

අද පාර්ලිමේන්තුව රැස්වෙයි…

අද (21) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමට නියමිතයි. එමෙන්ම පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.