Local News
June 13, 2022
296 views 0 secs 0

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි…

එම්.එම්. සී ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ඒ අනුව නව සභාපතිවරයා ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන නලින්ද ඉලංගකෝන් මහතා පත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඨ්විට්ටෙර් පණිඩයක් මගින් ප්‍රකාශ කර සිටියා.

Local News
June 09, 2022
358 views 0 secs 0

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ..

විදුලි බල සැපයුම ඇතුළු තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිතුමා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව රෝහල්වල සාත්තු, නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම රැකවරණය , පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම සේවාවක් අත්‍යවශ්‍ය ‍සේවා බවට […]

Local News
June 08, 2022
336 views 2 secs 0

අගමැති IMF ප්‍රධානියාට කතා කරයි

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් IMF හි කළමනාකාර අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා (7) සාකච්ඡාවක් පැවැත්වීය.අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ IMF හි කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට හැකි වන ලෙසයි.පාලම් මූල්‍ය සම්බන්ධ සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල […]

Local News
June 08, 2022
333 views 0 secs 0

ඉන්ධන අර්බුදය නිසා මගී ප්‍රවාහනයටයත් බධා

ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික – රාජ්‍ය මගී ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ කුලී රථ සේවා පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවේ.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය කියා සිටියේ ඉන්ධන අර්බුදය හමුවේ වුවද සිය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.ලංකා […]

Local News
June 08, 2022
336 views 0 secs 0

අද රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක..

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර සිටී. විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා ප්‍රකාශ කරා.

Local News
June 08, 2022
355 views 0 secs 0

ප්‍රවීණ ඡායාරූප ශිල්පී සේන විදානගම අභාවප්‍රාප්ත වේ.

1987 දී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි මහතාට නාවික භටයෙක් පහර දෙන ඡායාරූපය ලබාගත් එකම ප්‍රවීණ ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Local News
June 08, 2022
319 views 0 secs 0

ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි….

අද (08) ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදු ‍කෙරෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ඉන්ධන ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවය.

Local News
June 06, 2022
352 views 0 secs 0

වෙදආරච්චිගේ පුතු හා ලේලිය අත්අඩංගුවට…

පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අධිවේගී මාර්ග පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙනි. සැකකරුවන් අද (06) රාත්‍රියේ වීරකැටිය පොලිසියට පැමිණ භාර වී ඇති අතර එහිදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

Local News, Politics
June 06, 2022
408 views 0 secs 0

නැවත ජනාධිපති ධුරයට තරඟ කරන්නේ නැහැ – ගොඨාභය

බ්ලූම්බර්ග් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් ඉදිරි වසර දෙකක කාලය තුළද ජනාධිපති ධුරයේ කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තමන් නැවත වතාවක් ජනාධිපති ධුරයට තරග නොකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Local News
June 06, 2022
336 views 0 secs 0

පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසමට

අද (6) පෙරවරු 10.00 ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවීමට නියමිතය. රටේ සමාජ දේශපාලන පරිසරය සහ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවන බව කොමිසම සඳහන් කළේය.රටේ වත්මන් තත්ත්වය පිළිබඳ යෝජනා ඇතුළත් ලිපියක් මැතිවරණ කොමිසම විසින් සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කර තිබේ.මේ අතර, 2022 ඔක්තෝබර් 31 වන දින වන විට 2022 […]