Local News
November 15, 2021
329 views 0 secs 0

දුම්රියේ ගැටුනු බස් රථය…

අද (15) සවස 5.30 පමණ ගුවන්තොටුපළේ සිට ඉන්ධන රැගෙන ඒම සඳහා කොලොන්නාව බලා ධාවනය වූ දුම්රියේ ගැටී කුඩා බස් රථයක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් කිසිවෙකුට හානි සිදු වී නොමැති බව වාර්තා වේ.

Local News
November 15, 2021
311 views 0 secs 0

උපකාරක පන්ති සඳහා අවසර

නව සෞඛ්‍ය මාර්⁣ගෝපදේශ මාලාවක් හෙට (16) දිනයේ සිට ලබන 30 වනදා දක්වා කාලයට නිකුත් කර ඇත.ඒ අනුව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති සඳහා අවසර ලබාදී තිබෙනවා.ඒහි සිසුන් සංඛ්‍යාවෙන් සියයට 50 ක් වන ආකාරයටයි.

Local News
November 15, 2021
441 views 0 secs 0

සජබ විරෝධතාවය ස්ථිරයි….

සැලසුම් කළ පරිදි සමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. කුමන බලපෑම් පැමිණියද හෙට දිනයේ ජනතාව සමඟ කොළඹට පැමිණෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Local News
November 15, 2021
322 views 0 secs 0

“පාසල් වල අනෙක් ශ්‍රේණිවල ආරම්භ ඉදිරි සතියේ”

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ,“අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් තැන්පත් කරලා තියෙනවා. එය නෑ කියනවා නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගෙදර දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියලා කියන්න ඕනේ. පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ […]

Local News
November 15, 2021
317 views 0 secs 0

රියාජ් බදුර්දීන් රැදවුම් භාරයෙන් මුදා හරියි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කර තිබේ.මෙලෙස ඔහු නිදහස් කර ඇත්තේ දැඩි කොන්දේසි මතයි.තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් විසින් […]

Local News
November 15, 2021
342 views 0 secs 0

දින 50 සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසයි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ,අද (15) සිට තාවකාලිකව දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය කළ බවයි.මේ හේතුවෙන් රට තුළ තෙල් හිඟයක් ඇති නොවන බව අමාත්‍යංශ පරිශ්‍රයේ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

Local News
November 15, 2021
341 views 0 secs 0

සිරිල් ගාමිණි පියතුමා CID යට…

අද උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීමකට අනුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය මාසයේ දී සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීමට නියමිතය.

Local News
November 14, 2021
333 views 0 secs 0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව වාණිජ නිලධාරියෙක්..

ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු හා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තනතුරු හෙබවූ රිචඩ් නට්ල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස පත්කර තිබේ. ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා […]

Local News
November 14, 2021
337 views 0 secs 0

හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනයක් නව ආණ්ඩුකාරවරයා අවලංගු කරයි….

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව අනුව සභාපතිවරයාව සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය කටයුතු කළා. මෙලෙස හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා […]

Local News
November 14, 2021
353 views 0 secs 0

අද කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළ අන්දමට වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව ප්‍රකාශ කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද […]