කාලගුණය නිසා මිය ගිය සංඛ්‍යාව වැඩි වේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.මෙම පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580 ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.මෙම පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 65,580 ක පුද්ගලයින් 230,185 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව වෙයි.ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය […]
අද (11) අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිව් අවුරුදු සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාට ඇතිවූ දණහිසේ ආබාධයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසනවා.වෛද්‍ය ප්‍රතිකාරවලින් පසු නැවත කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ගිය බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින්“ජාතික ආරක්ෂක විද්‍යාලය” දැයට දායාද කෙරුනා..ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙය වේ. මෙහි ප්‍රථම පාඨමාලාව හෙට සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් […]
නායයෑමේ අවදානම හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය ඊයේ (10) රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු කඩුගන්නාව පහළ ප්‍රදේශයෙන් වසා දමා ඇත. කොළඹ සිට මහනුවර දෙසට ගමන් කරන වාහනවලට අඹේපුස්ස හන්දියෙන් විකල්ප මාර්ග භාවිත කර කුරුණෑගල, මාවතගම, ගලගෙදර සහ කටුගස්තොට ප්‍රදේශ හරහා මහනුවරට ගමන් කළ හැකි බව පොලිසිය පවසයි. වාහන මාවනැල්ල හන්දියෙන් දකුණට හැරී හෙම්මාතගම, අම්බුළුවාව, […]
පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරේ ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බවයි.මෙම වසර දෙක තුළ කොවිඩ් වෙනුවෙන් වියදම් කළ ඇත්තේ රුපියල් බිලියන 170ක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.ඒ අනුව මාලදිවයින 6.7%ක් ,ඉන්දියාව 3.9%ක්. ඇෆ්ගනිස්තානය 2.1%ක්, පකිස්ථාන 2%, බංග්ලාදේශය 1.4% අදී වශයෙන් දළ දේශිය නිෂ්පාදනයෙන් වියදම් කර […]
පසුගියදා නිකුත් කළ මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා. වත්තල, ජාඇළ, කටාන, මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි ජනතාවට බාධාවක් නොවන පරිදි මහුතුරාජවෙල රක්සිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු […]
එකම රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී පට්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර තිබේ. නව ගැසට් පත්‍රයට අනුව මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි […]
ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.