Local News
June 16, 2021
246 views 0 secs 0

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමට අනුමැතිය….?

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් වෙළෙඳාමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. නමුත් එම තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය ලැබුනොත් පමණක් බවද වාර්තා වේ. සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බවද […]

Local News
June 14, 2021
293 views 0 secs 0

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්…

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන්.

Local News
June 12, 2021
270 views 0 secs 0

ඉන්ධන මිල ඉහළට….

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් මිලේ වැඩිවීම පාදක කරගෙන සියයට 15ක බස් ගාස්තු සංශෝධනයක් යා යුතු බව, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේ ය.

Local News
June 11, 2021
231 views 0 secs 0

සහරාන් සමඟ සබඳතා පැවැත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට…

ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු තවත් පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ […]

Local News
June 09, 2021
280 views 0 secs 0

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීම් ඇරඹේ…..

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසයි. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවත්, එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට යම් කාලයක් ගත වන බවත්ය. […]

Local News
June 09, 2021
221 views 0 secs 0

නිරෝධායන රීතින් උල්ලංඝනය කළ 26,000කට පමණ නඩු…

ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර ඉන් 26,000කට ආසන්න සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් […]

Local News
June 08, 2021
215 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වූ අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.

Local News
June 07, 2021
252 views 0 secs 0

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ඉදිකිරීම් කටයුතු..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන මංතීරු 4කින් සමන්විත අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අද දින ආරම්භ වී තිබේ.එමෙන්ම නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් ආරම්භ කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.