Local News
June 22, 2021
453 views 0 secs 0

ගතවූ පැය 24 තුළ රිය අනතුරු මරණ 11ක්..

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය. දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, […]

Local News
June 21, 2021
304 views 0 secs 0

ගෑස් මිල ඉහළ යාමක් සිදු නොවේ..

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි. ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට අනු කමිටුව තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් […]

Local News
June 21, 2021
320 views 0 secs 0

නුවර එළිය ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් කිහිපයක් හුදකලා කෙරේ….

අද (21) උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවය.

Local News
June 16, 2021
305 views 1 sec 0

එක්ස්ප්‍රස් පර්ල් හි ලංකාවේ නියෝජිත සමාගමේ සභාපතිවරයා ඇප මත නිදහස්….

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන Sea Consortium Lanka හි සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහාධිකරණය විසින් ඇපමත මුදාහැර තිබෙනවා.

Local News
June 16, 2021
320 views 0 secs 0

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමට අනුමැතිය….?

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් වෙළෙඳාමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. නමුත් එම තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය ලැබුනොත් පමණක් බවද වාර්තා වේ. සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බවද […]

Local News
June 14, 2021
371 views 0 secs 0

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්…

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන්.

Local News
June 12, 2021
346 views 0 secs 0

ඉන්ධන මිල ඉහළට….

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් මිලේ වැඩිවීම පාදක කරගෙන සියයට 15ක බස් ගාස්තු සංශෝධනයක් යා යුතු බව, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා පවසා සිටියේ ය.

Local News
June 11, 2021
303 views 0 secs 0

සහරාන් සමඟ සබඳතා පැවැත්වූ දෙදෙනෙක් අත්අඩංගුවට…

ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු තවත් පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ […]