Local News
June 27, 2021
322 views 0 secs 0

බන්ධනාගාර රැඳවියන්ගේ වර්ජනය තව දුරටත්…

වැලිකඩ සහා මහර බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය ලැබු රැඳවියන්ගේ ආහාර වර්ජනය අද උදැසනත් ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. මොවුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ආදාල පාර්ශව සමඟ සාකච්ඡා කර ඇති බව දැනුවත් කලද මෙම වර්ජනය තවමත් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Local News
June 26, 2021
316 views 0 secs 0

කැළණි ගඟෙන් සොයාගත් මළසිරුරේ අන්‍යතාවය සොයා ගැනේ…

අද (26) පස්වරුවේ නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් අත්පා ගැටගසන ලද පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබූ බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය. එම සිරුර හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ තාවකාලිකව […]

Local News
June 26, 2021
338 views 0 secs 0

තැන තැන අසු වූ කොවිඩ් රෝගීන්….

ගොඩකවෙල කවුඩුවාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඉන් 13 දෙනෙකුම ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කල අතර නැවත විවෘත කිරීමට පෙර අනෙක් සේවකයින් පිරිසගේ ඵ්Cර්‍ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක විපුල කුමාර මහතා පවසා සිටියා.. මේ අතර හැටන් බගවන්තලාව සෞඛ්‍ය […]

Local News
June 26, 2021
304 views 0 secs 0

නිරෝධායන රීති උල්ලංඝනය කරන අය තවදුරටත් අත්අඩංගුවට….

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගතවූ පැය 24 තුළ ඊට අදාළව පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් නිර්ණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ […]

Local News
June 25, 2021
672 views 0 secs 0

පොහොර ආනයනය තාවකාලිකව නවත්වයි…

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති පරිදි දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට ගනිමින් කාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ.

Local News
June 25, 2021
353 views 0 secs 0

බන්ධනාගාර දෙකක රැඳවියන් වර්ජනයක….

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග රැඳවියන් පිරිසක් විරෝධතාවයේ නිරත වී සිටින බව වාර්තා වනවා.

Local News
June 25, 2021
329 views 0 secs 0

ලිහිල් කල සංචරණ සීමා….

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි.නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ […]

Local News
June 24, 2021
304 views 0 secs 0

ඔන්ලයින් ක්‍රමයට අ.පො.ස. උ පෙළ නැවත සමීක්ෂණ……

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක්) ඒ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ජංගම දුරකථන සඳහා ඇති විශේෂ ඇප් එක හරහාත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතී.. අද (24) දිනයේ සිට ලබන මස 10වන […]

Local News
June 23, 2021
324 views 0 secs 0

ජූලි මස ලැබීමට නියමිත ෆයිසර් එන්නත් තොගය….

ජූලි මස තුනවන සතිය වන විට ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම එන්නත් තොගය සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ මෙරටට ගෙන්වීමට නියමිතය. මේ අතර කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ (22) දිනයේදි එන්නත් මාත්‍රා 20,816 ක් ලබා දී තිබේ. […]

Local News
June 23, 2021
329 views 0 secs 0

අද සිට සංචරණ සීමා නැවතත්…

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට 25 වනදා අලුයම 4.00 දක්වා යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.