Local News
June 25, 2021
597 views 0 secs 0

පොහොර ආනයනය තාවකාලිකව නවත්වයි…

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති පරිදි දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට ගනිමින් කාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ.

Local News
June 25, 2021
278 views 0 secs 0

බන්ධනාගාර දෙකක රැඳවියන් වර්ජනයක….

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග රැඳවියන් පිරිසක් විරෝධතාවයේ නිරත වී සිටින බව වාර්තා වනවා.

Local News
June 25, 2021
259 views 0 secs 0

ලිහිල් කල සංචරණ සීමා….

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි.නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ […]

Local News
June 24, 2021
235 views 0 secs 0

ඔන්ලයින් ක්‍රමයට අ.පො.ස. උ පෙළ නැවත සමීක්ෂණ……

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක්) ඒ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ජංගම දුරකථන සඳහා ඇති විශේෂ ඇප් එක හරහාත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතී.. අද (24) දිනයේ සිට ලබන මස 10වන […]

Local News
June 23, 2021
249 views 0 secs 0

ජූලි මස ලැබීමට නියමිත ෆයිසර් එන්නත් තොගය….

ජූලි මස තුනවන සතිය වන විට ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම එන්නත් තොගය සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ මෙරටට ගෙන්වීමට නියමිතය. මේ අතර කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ (22) දිනයේදි එන්නත් මාත්‍රා 20,816 ක් ලබා දී තිබේ. […]

Local News
June 23, 2021
255 views 0 secs 0

අද සිට සංචරණ සීමා නැවතත්…

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට 25 වනදා අලුයම 4.00 දක්වා යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.

Local News
June 22, 2021
379 views 0 secs 0

ගතවූ පැය 24 තුළ රිය අනතුරු මරණ 11ක්..

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය. දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, […]

Local News
June 21, 2021
232 views 0 secs 0

ගෑස් මිල ඉහළ යාමක් සිදු නොවේ..

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි. ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට අනු කමිටුව තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් […]

Local News
June 21, 2021
254 views 0 secs 0

නුවර එළිය ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් කිහිපයක් හුදකලා කෙරේ….

අද (21) උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවය.

Local News
June 16, 2021
232 views 1 sec 0

එක්ස්ප්‍රස් පර්ල් හි ලංකාවේ නියෝජිත සමාගමේ සභාපතිවරයා ඇප මත නිදහස්….

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන Sea Consortium Lanka හි සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහාධිකරණය විසින් ඇපමත මුදාහැර තිබෙනවා.