Local News
June 09, 2021
309 views 0 secs 0

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීම් ඇරඹේ…..

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසයි. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවත්, එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට යම් කාලයක් ගත වන බවත්ය. […]

Local News
June 09, 2021
248 views 0 secs 0

නිරෝධායන රීතින් උල්ලංඝනය කළ 26,000කට පමණ නඩු…

ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 26,920 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගෙන ඇති අතර ඉන් 26,000කට ආසන්න සංඛ්‍යාවකට නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් […]

Local News
June 08, 2021
243 views 0 secs 0

කොවිඩ් වාර්තාව….

අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වූ අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.

Local News
June 07, 2021
275 views 0 secs 0

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ඉදිකිරීම් කටයුතු..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන මංතීරු 4කින් සමන්විත අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අද දින ආරම්භ වී තිබේ.එමෙන්ම නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් ආරම්භ කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Local News
June 07, 2021
265 views 0 secs 0

කුඩු ජාවාරම් කළ යුවලක් අත්අඩංගුවට….

කුඩු අංජු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, මුදලින් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගණන් කිරීමේ යන්ත්‍ර 2ක් සහ ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.

Local News
June 07, 2021
349 views 0 secs 0

වෙරළට ගොඩගැසූ ඩොල්පින් මළ සිරුර…..

අද උදැසන වාද්දුව තල්පිටිය මුහුදු තිරය වෙත මියගිය ඩොල්පින් මත්සයකු සහ තවත් මත්සයින් කිපදෙනෙකු ගොඩගසා තිබේ මධ‍යම පරිසර අධිකාරියේ නිලධාරිනියන් පැමින එම සිරුර නිරික්ෂණය කොට වැඩිදුර පරික්ෂණ සදහා වනජිවි දෙපාර්තමේන්තුව දැනුම් දෙනබව පැවසිය.

Local News
June 03, 2021
403 views 0 secs 0

එක්ස්ප්‍රස් පර්ල් නිරීක්ෂණයට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්…

ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. කෙසේවෙතත් නෞකාවෙන් මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි. මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300 කට ආසන්න […]

Local News
June 03, 2021
284 views 0 secs 0

සතොස අද සිට දිනපතා විවෘතයි..

සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන්දි වයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය. මේ අතර අද සහ හෙට (04) යන දෙදින තුළ […]

Local News
June 02, 2021
276 views 0 secs 0

එක්ස්ප්‍රස් පර්ල් ගැඹුරු මුහුදට…..

“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම කටයුතු සඳහා ගලවාගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැපයීමට නාවික හමුදාවේ කණ්ඩායමක් නැවට පිවිසි බවය. කෙසේ වෙතත් මේ වන විට නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද, මෙහෙයුම් කෙතරම් සාර්ථක වේද යන්න නිශ්චිතව කිව […]

Local News
May 31, 2021
294 views 1 sec 0

පියුමි හා චන්දිමාල් ඇප මත මුදාහරී…

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැර තිබේ.ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී ඊයේ (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි […]