Local News
May 30, 2021
270 views 0 secs 0

කොවිඩ් මරණ 36ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
May 30, 2021
253 views 0 secs 0

බද්දේගම සමිත හිමි අපවත් වේ….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමි, මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වී තිබේ. මියයන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය. මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ. යළි ස්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ […]

Local News
May 28, 2021
328 views 0 secs 0

සතොසින් භාණ්ඩ නිවසටම ගෙන්වා දීමට වැඩ පිළිවෙලක්….

සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ ව්ව්ව්.ලන්කසතොස.ල්ක් වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය.

Local News
May 25, 2021
243 views 0 secs 0

ගංවතුර අවදානමක්….

පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති අතර ඒ හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 3ක කාලය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම් දෙයි.

Local News
May 25, 2021
223 views 0 secs 0

කොවිඩ් ආසාදනයෙන් 11 දෙනෙකු නිවස්වලදීම මිය ගිහින්..

තවත් කොවිඩ් ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඒ අතරින් බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු නිවෙස්වලදීම මියගොස් ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Local News
May 24, 2021
229 views 0 secs 0

සංචරණ සීමා දීර්ඝ කිරීමත් සමඟ ගෙන ඇති නව තීරණ..

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ. එහිදී, රට තුළ මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව පහත සඳහන් තීරණ ගෙන තිබේ, මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව […]

Local News
May 24, 2021
224 views 0 secs 0

ඖෂධ ගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය ගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට….

රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 34 හැවිරිදි හොරණ ප්‍රදෙශයේ පදිංචිකරුවෙකි. මාර්ග බාධකයේදී එම වාහනය නතර කිරීමෙන් පසු රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන හොරණ සිට කිරිඇල්ල දෙසට ගමන් කරන බවට අදාළ සැකකරු පොලීසියට පවසා […]

Local News
May 24, 2021
206 views 0 secs 0

සමස්ත කොවිඩ් මරණ ගණන 1200 ඉක්මවයි…

ඊයේ (23) කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පුද්ගලයින් අවුරුදු 28ත් 91 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර එම මරණ 32න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 14දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Local News
May 23, 2021
232 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 163,496ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,612ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය ද 128,607ක් විය.

Local News
May 21, 2021
247 views 0 secs 0

දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවයි…

අද (21) රාත්‍රියේ සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. ඒ අනුව දුම්රිය ධාවන කටයුතු 28 වනදා සිට යළි නියමිත පරිදි ආරම්භ කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය. අද (21) රාත්‍රී 11.00 සිට මුළු […]