Local News
June 29, 2021
348 views 0 secs 0

නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ බස් රථය…

අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් අද (29) අලුයම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ නවතා පරීක්ෂා කර රියදුරු, සහායක සහ එහි ගමන් කළ මගීන් 29දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර […]

Local News
June 29, 2021
363 views 0 secs 0

ගම්පහ ගිලන් රථයකට පහරදීමක්..

ඊයේ (28) සවස ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.. පහරදීම සම්බන්ධයෙන් 65 හැවිරිදි කඩවත, පහළදියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් ගිලන්රථයට පහරදී ඇතැයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව ද […]

Local News
June 29, 2021
322 views 0 secs 0

එක්කෝටි විසිලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගය…..

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා… අදාළ සැකකරු ගමන් ගත් මෝටර් රථය හා ඔහු සන්තකයේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් රුපියල් 289,000ක මුදලක් ද […]

Local News
June 28, 2021
370 views 0 secs 0

කොවිඩ් මරණ….

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බවත්, එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.

Local News
June 28, 2021
359 views 0 secs 0

රටවල් 8කින් ලංකාවට පැමිණීමට තහනමක්…

ශ්‍රී ලංකාවට ඇතුළුවීම රටවල් 8කට තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව දින 14ක් තුල ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ යන රටවල සංචාරය කර ඇති මගීන්ට ජුලි 1 සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැහැ.

Local News
June 28, 2021
351 views 0 secs 0

නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙලක්…

නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා හඳුන්වා දී තිබෙන්නේ, 1390 ඍජු දුරකථන ඇමතුම් අංකයයි. ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

Local News
June 27, 2021
338 views 1 sec 0

යළි විවෘත වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන්…

කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමා වලට යටත්ව ජුනි මස 28 වනදා දින සිට ආරම්භ කරන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. E – channeling සේවාව ඔස්සේ වේලාව වෙන් කරගත් සේවාලාභීන් සදහා පමණක් සේවා සපයන බවත් වේරහැර , පොළොන්නරුව, නුවරඑළිය හා කළුතර ශාඛා මගින් […]

Local News
June 27, 2021
393 views 0 secs 0

රැකියා සඳහා විදේශගතවන්නන්ට එන්නත් පහසුකම්….

රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගතවීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා […]

Local News
June 27, 2021
354 views 0 secs 0

දුම්රියට යටවී පුද්ගලයෙක් මරුට…

අද (27) උදෑසන අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අනතුරට පත්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

Local News
June 27, 2021
669 views 2 secs 0

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්….

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සඳහා අන්තර්ජාලය ඔස්සේ දින වෙන්කිරීමේ පහසුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ. eservices.immigration.gov.lk/td වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා දින වෙන්කරවා ගත හැකිය.