යළි විවෘත වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන්…
කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමා වලට යටත්ව ජුනි මස 28 වනදා දින සිට ආරම්භ කරන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. E – channeling සේවාව ඔස්සේ වේලාව වෙන් කරගත් සේවාලාභීන් සදහා පමණක් සේවා සපයන බවත් වේරහැර , පොළොන්නරුව, නුවරඑළිය හා කළුතර ශාඛා මගින් […]
රැකියා සඳහා විදේශගතවන්නන්ට එන්නත් පහසුකම්….
රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගතවීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා […]
බන්ධනාගාර රැඳවියන්ගේ වර්ජනය තව දුරටත්…
වැලිකඩ සහා මහර බන්ධනාගාරයේ මරණීය දණ්ඩනය ලැබු රැඳවියන්ගේ ආහාර වර්ජනය අද උදැසනත් ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. මොවුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ආදාල පාර්ශව සමඟ සාකච්ඡා කර ඇති බව දැනුවත් කලද මෙම වර්ජනය තවමත් ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කැළණි ගඟෙන් සොයාගත් මළසිරුරේ අන්‍යතාවය සොයා ගැනේ…
අද (26) පස්වරුවේ නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් අත්පා ගැටගසන ලද පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. සිරුරේ අත් දම්වැලකින් බැඳ අගුල් දමා තිබූ බවත් හිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති සලකුණු තිබෙන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය. එම සිරුර හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ තාවකාලිකව […]
තැන තැන අසු වූ කොවිඩ් රෝගීන්….
ගොඩකවෙල කවුඩුවාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවකයින් 18 දෙනෙකුට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ඉන් 13 දෙනෙකුම ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඒ හේතුවෙන් එම ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කල අතර නැවත විවෘත කිරීමට පෙර අනෙක් සේවකයින් පිරිසගේ ඵ්Cර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක විපුල කුමාර මහතා පවසා සිටියා.. මේ අතර හැටන් බගවන්තලාව සෞඛ්‍ය […]
නිරෝධායන රීති උල්ලංඝනය කරන අය තවදුරටත් අත්අඩංගුවට….
නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 43,855 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගතවූ පැය 24 තුළ ඊට අදාළව පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් නිර්ණායක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ […]
