Local News
January 19, 2021
730 views 0 secs 0

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොවිඩ්…

දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Local News
January 18, 2021
789 views 0 secs 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ්…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මේ වන විට ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇති බව ද වාර්තා වේ.

Local News
January 18, 2021
823 views 0 secs 0

අධ්‍යාපන ඇමති ස්වයං නිරෝධායනයට….

කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැණුනු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම නිසා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ස්වයං නිරෝධායනය සඳහා යොමු වී ඇතැයි වාර්තා වේ.

Local News
January 18, 2021
779 views 0 secs 0

ජනවාරි 21 සිට සංචාරකයන්ට රට විවෘතයි…

අද (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව ප්‍රකාශ කළා..සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන බවව්ද, […]

Local News
January 18, 2021
851 views 0 secs 0

පොලිස් ස්ථාන කීපයක් නිලධාරීන්ට කොවිඩ් වැළඳෙයි…

අලුත්ගම පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.එමෙන්ම කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ද කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ සමග එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලැබු පොලිස් නිලධාරින් 65 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව මාතර කොට්ඨාස භාර […]

Local News, Politics
January 18, 2021
795 views 0 secs 0

ඉදිරි දින 2ක පාර්ලිමේන්තුව රැස්වීමට තීරණයක්..

අද (18 පැවති පක්ෂ නායක රැස්වීමේ දී හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

Health, Local News
January 18, 2021
761 views 0 secs 0

අද දින වන විට මෙරට කොවිඩ් වාර්තාව…

අද (18) උදෑසන වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 763ක් හඳුනාගෙන ඇති අතර ඉන් 14 දෙනෙක් විදේශ ගතව සිට මෙරටට පැමිණි ස්‍රී ලා|න්කිකයන් වේ.මේ අතරින් වැඩිම ආසාදිතයන් ගණනක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 241ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 210ක්ද, මාතර දිස්ත්‍රික්කයෙන් 41ක්ද, 257 දෙනෙකු දිවයිනේ සෙසු ප්‍රදේශ වලින්ද වාර්තා වී ඇත.අද (18) උදෑසන වන විට […]

Local News
January 17, 2021
802 views 0 secs 0

පස් ගොඩට යටවූවන්ගේ දිවි ගැලවූ මෙහෙයුම…

තලංගම – අංගොඩ මාර්ගයේ හීනටිකුඹුර හන්දිය අසල නිවසක පස්බැම්මක් ඛාදනයවීම වැළැක්වීම සඳහා අද පෙරවරුවේ පෙදරේරුවන් දෙදෙනෙක් එහි ගල්බැම්මක් ඉදිකරමින් සිටියදී අනපේක්ෂිත අයුරින් අද (17) පෙරවරු 9.30ට පමණ එම පස්කන්ද කඩාවැටී ඇති අතර ගල් බැම්ම ඉදිකරමින් සිටි පෙදරේරුවන් දෙදෙනා පස්කන්දට යටවී තිබුණි. පස්බැම්ම පෙරළි ගිය සැනින් ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අනතුර සම්බන්ධයෙන් තලංගම පොලීසියට සහ යුද හමුදාවට […]

Local News
January 17, 2021
774 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 8ක්..

තවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 264ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
January 16, 2021
795 views 0 secs 0

තවත් 487කට සුවය..

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,746ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි. ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 487 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි..