Local News
January 16, 2021
851 views 0 secs 0

මාතරින් හමු වූ කාන්තා මළසිරුර..

මාතර පරෙයි දූපත අසල වෙරළ ඛාදනය සඳහා යොදා ඇති ගල්වැටිය අතර තිබී කාන්තා මළසිරුරක් හමුවී තිබේ.මළසිරුර ආසන්නයේ ඇති බංකුවක කුඩයක්, පානය කරනලද කිරිපැකට් 4ක් සහ රිසිට් පතක් තිබී සොයාගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Local News
January 16, 2021
808 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

ඊයේ (15) දිනය වන විට පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් වන කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 363 හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.එමෙන්ම තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 255ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
January 14, 2021
867 views 1 sec 0

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ සාදයට ආ කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ පැවති ප්‍රිය සම්භාෂණයකට සහභාගී වු වෛද්‍යවරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වි තිබේ. එම ප්‍රිය සම්භාෂණයට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත පවුල් 03කට අයත් කණ්ඩායමක් සහභාගී වී ඇති අතර වෛරසය ආසාදනය වූ වෛද්‍යරවරයා ද ඒ අතරට අයත් ය. එම වෛද්‍යවරයා මේ වනවිට […]

Local News
January 14, 2021
813 views 1 sec 0

තවත් කොවිඩ් ආසාදිතයන් 316ක්….

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 316ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දවසේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 670ක් වන අතර මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,901ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
January 14, 2021
907 views 1 sec 0

කොවිඩ් වාර්තාව….

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 354ක් අද (14) දිනයේ අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 50,585ක් දක්වා ඉහළගොස් තිබේ

Local News
January 14, 2021
865 views 0 secs 0

තෛපොංගල් උත්සවයට ජනපතිතුමන්ගේ පණිවුඩය…

දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන “අස්වනු නෙළීමේ උත්සවය” හෙවත් තෛපොංගල් දිනය අදට (14) යෙදී තිබේ.තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා එහි මෙසේ සඳහන් කර ඇත.ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම තමාගේත්, රජයේත් ඒකායන පරමාර්ථය යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.එසේම අස්වනු නෙළීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන […]

Local News
January 14, 2021
881 views 0 secs 0

ටිපර් රථයක ගැටී යතුරුපැදිකරුවෙක් මරුට..

බලන්ගොඩ බණ්ඩාරවෙල මාර්ගයේ බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් ඊයේ (13) රාත්‍රීයේ සිදුවු අනතුරකින් බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි ආර්.ආර්.එම් හදුන්ගේ නැමැති 56 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.එකම දිශාවට ධාවනය වූ යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Local News
January 13, 2021
834 views 0 secs 0

අද දින තවත් කොවිඩ් මරණ 3ක්

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 89 හැවිරිදි කාන්තාවකි.මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
January 13, 2021
801 views 0 secs 0

මෙරට ආසාදිතයින් 50,000 ඉක්මවයි…

අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගැනීමත් සමඟ මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,266 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Local News
January 13, 2021
1379 views 0 secs 0

ලංකාවෙන් හමුවූ එංගලන්ත වෛරස් ප්‍රභේදය…

එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ B117 ලෙස හඳුන්වන නව ප්‍රභේදය එංගලන්තයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්ගෙන් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ අද (13) තහවුරු කර තිබුණ අතර එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.ශ්‍රී ලංකාවෙන් හමුවූ එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයා දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින එංගලන්ත ක්‍රිකට් පිළේ ක්‍රීඩකයෙකු බව සෞඛ්‍ය සේවා […]