Local News
January 12, 2021
715 views 0 secs 0

අමාත්‍ය රන්ජන් පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට…

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව ප්‍රකාශ කළා.

Local News
January 12, 2021
712 views 0 secs 0

අමාත්‍ය රන්ජන්ට වසර 4ක සිරදඬුවමක්….

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වීමත් සමඟයි..

Local News, Politics
January 12, 2021
753 views 0 secs 0

කොවිඩ් වැළඳුණු ඇමැති වාසුදේවගේ උපන්දින සාදය…

පසුගිය ජනවාරි 5 වැනිදා කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර සිය අමාත්‍යංශ පරිශ්‍රයේදී තවත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිය උපන් දිනය වෙනුවෙන් සාදයක් පවත්වා තිබෙනවා. එම උත්සවයට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යංශයේ සේවක පිරිසෙන් බහුතරයක් සහභාගි වී […]

Local News
January 12, 2021
742 views 0 secs 0

වාහන ජාවාරමක යෙදුණු පුද්ගලයින් කීප දෙනෙකු අත්අඩංගුවට….

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මුල්ලේරියාවේ පිහිටි කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීම සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, යක්කල සහ මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.මෙම පුද්ගලයින් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු […]

Local News
January 11, 2021
726 views 0 secs 0

අද දින කොවිඩ් වාර්තාව….

අද (11) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 283ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 568ක් වේ.

Local News
January 11, 2021
961 views 1 sec 0

මෙරට සිනමා ශාලා වසර 2කට විනෝද බද්දෙන් නිදහස්…

කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා දෙවසරක කාලයකට සහන ලබාදෙන්නැයි සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලීමට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවක් අනුව සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව 2021-2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුළු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් […]

Local News
January 11, 2021
744 views 0 secs 0

පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150 දෙනෙකු බඳවා ගැනීමට තීරණයක්..

මහජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම අරමුණු කරගෙන අධිකරණ අමාත්‍යාංශය, නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ කරයි.අධිකරණ අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන ඇත.අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව ඔවුන් සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සිදුකිරීමට […]

Local News
January 11, 2021
717 views 0 secs 0

පාසැල් විවෘත කිරීම ගඇන ඇමති සජිත්ගේ මතය…

අද (11) ගැටඹේ ඓතිහාසික රාඡෝපවනාරාම විහාරය වෙත පැමිණි එහි විහාරාධිපති පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදස් දක්වමින් ප්‍රකාශ කළේ පාසැල් විවෘත කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාව තර කර කිරීමෙන් අනතුරුව බවයි.

Local News
January 11, 2021
693 views 0 secs 0

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින්…

අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසති. මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,091ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,057කි.